Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීනයේ නෞකාවේ විශ්ව විද්‍යාලයට වියට්නාමයෙන් විරෝධයක්

චීනය විසින් දියත් කිරීමට සැරසෙන ලොව විශාලතම සාගර පර්යේෂණ අධ්‍යයන නෞකාවේ ඇතැම් පර්යේෂණ කටයුතුවලට වියට්නාමය විරෝධය දක්වා තිබෙනවා. සුන් යැට් සෙ...


චීනය විසින් දියත් කිරීමට සැරසෙන ලොව විශාලතම සාගර පර්යේෂණ අධ්‍යයන නෞකාවේ ඇතැම් පර්යේෂණ කටයුතුවලට වියට්නාමය විරෝධය දක්වා තිබෙනවා.


සුන් යැට් සෙන් ලෙස නම් කර ඇති මෙම නෞකාව ලෝකයේ ඇති විශාලතම සාගර පර්යේෂණ නෞකාවයි.


එය පාවෙන සාගර පර්යේෂණ විශ්ව විද්‍යාලයක් ලෙස හදුන්වාදෙන චීනය මාස විස්සක් වන එහි පළමු පර්⁣යේෂණ චාරිකාව ඔක්තෝබර් මාසයේදී දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.


මෙහිදී වියට්නාමයට අයත් දූපතක් ලෙස අන්තර් ජාතික සාගර ප්‍රඥප්තිය මගින්ද තහවුරැ කර ඇති ගොඅන්සා දූපත් කලාපයේ විශේෂ පර්යේෂණ කටයුත්තක් සිදුකිරීමට චීනය සැරසෙන බව සදහන්.


එහෙත් වියට්නාම විදේශ අමාත්‍යාංශය  පවසන්නේ කිසිදු අවසරයකින් තොරව තමන්ට අයත් දූපත් කලාපයේ පර්යේෂණ පැවැත්වීම නීති විරෝධී බවයි.


තමන්⁣ට කිසිදු දැනුම්දීමක් නොකර සිදුකරන  එවැනි බලහත්කාරකමකට ඉඩදිය නොහැකි බවද  වියට්නාම විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.


කෙසේවෙතත්,චීනය මෙම දූපත ෂීසා ලෙස හදුන්වාගනිමින් තමන්ට අයත් දූපතක් ලෙස ප්‍රකාශ කරනවා.


සුන් සැට් යෙන් පර්යේෂණ නෞකාවේ සැලසුම් සමග දකුණු චීන මුහුදේ පවතින අර්බුදකාරී වාතාවරණය තවදුරටත් උග්‍රවනු ඇති බවයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරන්නේ.

No comments

Ads Place