Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙවර ඔලිම්පික්, ප්‍රේක්ෂකයින්ට තහනම් කරයි

ජපානයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නරඹන්නන් නොමැතිව පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඔලිම්පික් උළෙලේ සංවිධායක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේ...


ජපානයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නරඹන්නන් නොමැතිව පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඔලිම්පික් උළෙලේ සංවිධායක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. 


කොරෝනා වෛරසයේ පැතිරයාම සලකා ටෝකියෝ හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය ක්‍රීඩා උළෙල පුරා ක්‍රියාත්මකයි. ඒ අනුව එම හදිසි තත්ත්වය ජූලි 12 වනදා සිට අගෝස්තු 22 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි අගමැති යොෂිහිඩ් සුගා කියා සිටියේ. ඒ යටතේ මත් පැන් අලෙවිහල් සහ අවන්හල්වලට මත්පැන් අලෙවි කිරීමට ඉඩ නොලැබෙන අතර රාත්‍රී 08 ට ඒවා වසා දැමිය යුතුයි. 


ජපානයේ කොරෝනා වෛරස් ආසාදන ඉහළ යමින් ඇත්තේ ටෝකියෝ නුවරදී ජූලි 23 දා ඔලිම්පික් උළෙල ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී වීම කැපී පෙනෙන තත්ත්වයක්. ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට කල්දැමීම හෝ අවලංගු කරන ලෙස ඉල්ලා මේ වන විටත් පුළුල් විරෝධයක් එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයින් පවසන්නේ ඉතා සීමිත ආකෘතියක් යටතේ ක්‍රීඩා උළෙල පවත්වන බවයි. ප්‍රවේශපත් මිලදී ගත් සියලු දෙනාට කණගාටුව පළකරන බවත් ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වීම හද කම්පා කරවන දෙයක් බව ඔවුන් පවසනවා. 


ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා ජපානයේ ටෝකියෝ  නුවරදී පැවැත්වීමට නියමිතයි. පැරා ලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු 24 සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ජපානය තුළ කොරෝනා නව රැල්ලක් අප්‍රේල් මාසයේ ආරම්භ වූ නමුත් සමස්තයක් ලෙස රට තුළ රෝගීන් සංඛ්‍යාවේ සහ මරණ සංඛ්‍යාවේ සාපේක්ෂ අඩු වීමක් පෙන්නුම් කර තිබුණා. එහෙත් පෙරේදා වන විට ජපානයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 2,180 ක් වාර්තා වූ අතර ඉන් 920 දෙනෙකුම වාර්තා වන්නේ ටෝකියෝ නුවරින්. 

nethnews

No comments

Ads Place