Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිෂාඩ් හා රියාජ් පාස්කු ප්‍රහාරකයන්ට සහන දුන් හැටි නීතිපති හෙළි කරයි!

 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගෙන සිටින සමගි ජන බලවේගයේ පාර්...


 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගෙන සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් ඇමැති බලතල භාවිත කරමින් මරාගෙන මැරෙන බෝම්බකරුවකුට අයත් තඹ කර්මාන්ත ශාලාවකට විශේෂ සහන මිලකට රජයට අයත් තඹ තොග සපයාදී ඇති ආකාරය පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා ඊයේ (28දා) ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ හෙළිකර සිටියේය.


නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ඒ බැව් ප්‍රකාශ කර සිටියේ බදියුදීන් සොහොයුරන් දෙදෙනා විසින් තමන් රැඳවුම් භාරයේ තබාගෙන සිටීමට එරෙහිව නියෝගයක් ලබාදෙන ලෙසට ඉල්ලා ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ඊයේ කැඳවූ අවස්ථාවේදීය.


විජිත් මලල්ගොඩ, එන්.බී. මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ පෙත්සම් විමසුම සිදුවිය.


මෙම පෙත්සම් නීතිඥ ගෞරි තවරාසා මහත්මිය මඟින් ගොනුකොට තිබූ අතර ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.


අගෝස්තු මස 25 දින පෙත්සම් යළි කැඳවීමට දින නියම විය.

noizetv

No comments

Ads Place