Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපති පත් කල ජනතා බලාපොරොත්තු ඉටු වී නෑ…

  ජනාධිපතිවරයා බලයට පත් කර කරගැනීමේදී බලාපොරොත්තුවූ අරමුණ තවමත් ඉටු නොවූණු තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ,බතික්...


 ජනාධිපතිවරයා බලයට පත් කර කරගැනීමේදී බලාපොරොත්තුවූ අරමුණ තවමත් ඉටු නොවූණු තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ,බතික්,අත්යන්ත්‍ර සහ ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය .

කොරෝනා වසංගත තත්වයත් සමග ජනාධිපතිවරයා යම් සිරවීමක සිටිනවා විය හැකි යැයි කී ජයසේකර මහතා ජනතා අරමුණු ඉටු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය .

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වී ගත වී ඇත්තේ වසරක පමණ කෙටි කාලයක් පමණක් හෙයින් එතුමාට වැඩකටයුතු කිරීමට තවත් කාලයක් තිබෙන බව කවුරුත් මතක තබා ගත යුතු බවද ඔහු කීවේය .

ජනාධිපතිවරයා මේ සියලු දේ කරන්නේ කඩාවැටී ඇති ආර්ථික පසුබිමක් යටතේ යැයි කී දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයාට යමක් කිරීමට උවමනාවක් තිබෙන නායකයෙකු බවද ප්‍රකාශ කළේය .

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන්ට යම් සාධාරණයක් සිදුවී ඇති බවත් ඔවුන් ආණ්ඩුවේ කටයුතුවලට සම්බන්ධ කර නොගන්නා තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය .

ජනාධිපතිවරයා බලයට පත් කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ද ලොකු කැපවීමක් කළ බවට සිහිපත් කළ ඒ මහතා පක්ෂයේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරියේදී හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය .

lankacnews

No comments

Ads Place