Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ක්‍රිකට් ගැන ඇමති නාමල් කතා කරයි

  මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රාහී තලයකට ගෙන ඒම සඳහා සකස් කළ සැලසුම් මේවනවිටත් ක්‍රියාත්මක වෙමින් ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා...

 


මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රාහී තලයකට ගෙන ඒම සඳහා සකස් කළ සැලසුම් මේවනවිටත් ක්‍රියාත්මක වෙමින් ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.


අමාත්‍යවරයා පැවසුවේ ජාතික තලයට පැමිණීමට සිටින නවක ක්‍රීඩකයින් ඉලක්ක කර ගනිමින් ද නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.


ක්‍රිකට් සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් නොතිබූ බවත්, මේවනවිට එම වැඩපිළිවෙළ සකස් කර ඇති බවත්, අමාත්‍යවරයා සඳහන් කළා.


දිගින් දිගටම පරාජයට පත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළි වෙනස් කිරීමට නියමිත බව නෙත් නිවුස් අද උදෑසන 06 යි 25 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනාවරණ කළා.


ඒ අනුව ඉන්දියාවට එරෙහි එක්දින සහ 20 යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හිමි වනු ඇති බවයි වාර්තා වන්නේ. උප නායකයා ලෙස ධනංජය ද සිල්වා පත් කිරීමට ද නියමිතව ඇති බව සදහන්.

nethnews

No comments

Ads Place