Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගැබිණි මවුවරුන්ට නිවේදනයක්…

  ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ගැබිනි මවුවරුන්ට ළඟම පිහිටි රෝහලෙ...


 ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ගැබිනි මවුවරුන්ට ළඟම පිහිටි රෝහලෙන් හෝ සායනයෙන් කොවිඩ් මර්දන එන්නත අනිවාර්යෙන්ම ලබාගන්නා ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ලෙස අපි ඉල්ලා සිටිමු .

බස්නාහිර පළාතේ පදිංචි වයස අවුරුදු 30ට වැඩි සියලුම දෙනා මේ මස 31 වෙනිදාට පෙර එන්නත් කරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී ද තීරණය කළේය . ඒ අනුව ගැබිනි මව්වරුන්ට ද එම අවස්ථාව උදාවී තිබේ. වයස අවුරුදු 30 හෝ ඊට වැඩි ගැබිනි මව්වරුන්, රුධිර පීඩනය ,දියවැඩියාව,ඇදුම ආදී රෝගාබාධවලින් පෙළෙන ගැබිනි මව්වරුන් ,සමාජයෙ වැඩි අවදානමක් දරන රැකියා සඳහා යන ගැබිනි මව්වරුන් අනිවාර්යයෙන්ම කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම සුදුසු බව අප විද්‍යායතනයේ නිර්දේශයයි.

ගර්භණී කාන්තාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම පසුගියදා ආරම්භ කළ අතර ,ගර්භන කාන්තාවන් මේ වන විට 300ක් පමණ එන්නත් ලබාගෙන ඇත . කොව්ඩ් ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා නිසි පරිදි එන්නත් ලබා ගැනීම ප්‍රායෝගිත බව විද්‍යාත්මක මතයයි කොව්ඩ් ආසාදනය වීමෙන් ගර්භනී කාන්තාවන් දොළොස් දෙනෙකු මේ වන විට මියගොස් ඇත .

මේ දිනවල එන්නත්කරන වැඩටහන සදහා සායනවලින් ලබා දෙන විස්තර පත්‍රිකාවට අප විද්‍යාතනයේ පුර්ව අනුමැති ලබා නොමැති අතර අනවශ්‍යය දුර්මත ඇතුලත් එම විස්තර පත්‍රකව නොසලකාහරින් මෙන් ඉල්ලා සිටිමු. විවිධ දුර්මත වලට අවධානය යොමු නොකර ,එන්නත් ලබා ගන්නා ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ලෙස අපි ,ගැබිනි මව්වරුන්ට යළි යළිත් අවධාරණය කරමු .

විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය

lankacnews

No comments

Ads Place