Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිලියන ගණනක දුරකතන ග්‍රාහක දත්ත විදෙස් සමාගමකටද..?

  භාවිතා කරන දුරකතන ජාලය ලබාදෙන සේවාව පිළිබඳව කළ කිරීමෙන් සිටිනවා නම් දැනට භාවිතා කරන දුරකතන අංකය වෙනස් නොකර ඒ අංකයෙන්ම වෙනත් දුරකතන ජාලයකට ...

 


භාවිතා කරන දුරකතන ජාලය ලබාදෙන සේවාව පිළිබඳව කළ කිරීමෙන් සිටිනවා නම් දැනට භාවිතා කරන දුරකතන අංකය වෙනස් නොකර ඒ අංකයෙන්ම වෙනත් දුරකතන ජාලයකට මාරුවීමේ අවස්ථාව මේ වසර අවසන් වනවිට පාරිභෝගිකයින්ට ලබාදෙන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසන්නේ number portability නම් මෙම ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම මේ වනවිට බොහෝ ප්‍රමාදවී තිබෙන බවත් මෙම ක්‍රමය හඳුන්වාදීමෙන් පසුව තමාගේ දුරකතන අංකය රැගෙන ඕනෑම දුරකතන ජාලයකට මාරුවීමට අවස්ථාව පාරිභෝගිකයාට ලැබෙන නිසා විදුලි සංදේශ සමාගම් වලට අතිශය තරගකාරී සේවාවක් ලබාදීමට සිදුවන බවයි.

“මේ සියළුම සේවාදායකයින් මේ අදහසට එකඟතාවය පළ කරල තියනවා. 2021 අග භාගය වනවිට අනිවාර්යෙන්ම මෙය ක්‍රියාත්මක කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඊට පස්සේ, විදුලි සංදේශ සමාගම් වලට අතිශය තරගකාරී සේවාවක් සපයන්න වේවි. එහෙම නැත්නම් අද මේ සමාගම හොඳ නැත්නම් වෙනත් සමාගමකට තමන්ගේ අංකය අරන් යෑමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙනවා.“

මේ ක්‍රමය හඳුන්වාදීම මගින් වෙනත් රටක සමාගමකට ශ්‍රී ලංකාවේ දුරකතන ග්‍රාහකයින්ගේ දත්ත නිරාවරණය වනු ඇතැයි එල්ල වන චෝදනාවන්ටද පිළිතුරු ලබාදෙමින් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රතිචාර දැක්වීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.



lankacnews

No comments

Ads Place