Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට තුල පෙට්‍රල් හිඟයක් නොමැති බව බලශක්ති ඇමති කියයි

ඉදිරි දිනවලදී පෙට්‍රල් හිඟයක් ඇතිවීමේ අවධානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල පවසනවා. නුදුරු දිනයක පෙට්‍රල් හිඟයක් ඇතිවන බවට වෙබ් අ...


ඉදිරි දිනවලදී පෙට්‍රල් හිඟයක් ඇතිවීමේ අවධානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල පවසනවා. නුදුරු දිනයක පෙට්‍රල් හිඟයක් ඇතිවන බවට වෙබ් අඩවිවල පළව තිබූ ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් බලශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක මේ බව සදහන්.


අද දිනය වන විට දින 30 කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග ශ්‍රී ලංකාව සතුව පවතිනවා. ලබන 19 වනදා මෙටි්‍රක් ටොන් 35,000 ක පෙට්‍රල් සහිත නැවක් මෙරටට ළඟාවීමට නියමිතයි. එබැවින් ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇති වීමේ අවධානමක් ඇති බවට පතුරන කතා පදනම් විරහිත බවත්, ඒ පිළිබඳ ජනතාව කලබලවීම අවශ්‍ය නොවන බවත්  බලශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

nethnews

No comments

Ads Place