Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉතිරි ෆයිසර් එන්නත්වලට මොකද වෙන්නේ? – යුද හමුදාපතිගෙන් පැහැදිලි කිරීමක්!

 පළමු වරට ගෙන්වන ලද ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 න් මේ වන විට ඉතිරිව ඇති එන්නත් මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් සඳහා ලබාදීමට නියමිත ...


 පළමු වරට ගෙන්වන ලද ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 න් මේ වන විට ඉතිරිව ඇති එන්නත් මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් සඳහා ලබාදීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


අද (09) උදෑසන “දෙරණ අරුණ” සමඟ එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.


කොවිඩ් කාර්ය සාධක බළකායේ ලියාපදිංචි වු විදෙස් රටවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින සිසුන් 1,130ක් සඳහා ඊයේ (08) යුද හමුදා රෝහලේ දී ෆයිසර් එන්නත ලබාදුන් බව ද යුද හමුදාපතිවරයා මෙහිදී පැවසීය.


එයින් ඉතිරි සිසුන් පිරිසට අද සහ හෙට දෙදින තුළ ද ෆයිසර් කොවිඩ් මර්දන ලබාදීමට බලාපොරොත්තු වන බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.


“ෆයිසර් එන්නත මේ ආකාරයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විදේශ රටවල යන්න සිටින ෆයිසර් එන්නත පමණක් ඉල්ලුම් කර ඇති රටවල්වලට යන සිසුන්ට ලබාදෙනවා. ඊට අමතරව ඉතිරි තොගය මන්නාරම ප්‍රදේශයේ ධීවරයින්ට ලබාදීමට තීරණයක් අරන් තියෙන්නේ. මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයක් ගැන කථා කරනවා, ඉන්දියාවෙන් ඒක එයි කියලා කියනවා. එහෙම නම් එන්න තියෙන ආසන්නතම ස්ථානය ඔය ප්‍රදේශය. ධීවරයින් අතර මාරුවීමක් හරි වුණොත් එහෙම. එවැනි තත්ත්වයක් වෙන්න අපි ඉඩදෙන්නේ නෑ. එහෙම තත්ත්වයක් ඇතිවුණොත් කියලා තෝරාගත් එවැනි ධීවරයින් ඇතුළු කණ්ඩායමකට තමයි ෆයිසර් එන්නත මන්නාරම ප්‍රදේශයේ ලබාදීමට කටයුතු කරන්නේ.”


මේ අතර කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත වෙනුවට ෆයිසර් එන්නත් ලබාදීම අත්හිටවු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ පැවසීය.


ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ජූලි මස තුන්වන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නියමිත බැවින් එම තීරණය ගත් බවය.

noizetv

No comments

Ads Place