Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘මගේ කතාව වීඩියෝ කොලොත් ටැබ් එක පොළොවේ ගසනවා..’- මන්ත‍්‍රීගෙන් මන්ත‍්‍රීට තර්ජන

  මම සභාව හමුවේ කරනමේ කතාව වීඩියෝ කොලොත් ඔය ටැබ් එක පොළොවේ ගසනවා ,,යැයි බෙන්තොට ප්‍රාදේශීය සභාවේ 9පැවැති මාසික සභා රැස්වීමේදී බෙන්තොට ප්‍රාද...

 


මම සභාව හමුවේ කරනමේ කතාව වීඩියෝ කොලොත් ඔය ටැබ් එක පොළොවේ ගසනවා ,,යැයි බෙන්තොට ප්‍රාදේශීය සභාවේ 9පැවැති මාසික සභා රැස්වීමේදී බෙන්තොට ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී සහ විපක්ෂ නායක ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා චෝදනා මුඛයෙන් පැවසීය .

ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා එම චෝදනාව කළේ, බෙන්තොට ප්‍රාදේශීය සභාවට ,,නවක මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමෙන් පසු 9දින ප්‍රථම සභා රැස්වීමට පැමිණි එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන මනුරංග සමරනායක මහතා,, සභාව හමුවේ කළ මංගල කතාවෙන් අනතුරුව එයට පිළිතුරු දෙමිනි .

නවක එජාප මන්ත්‍රී වරයෙකු ලෙස බෙන්තොට ප්‍රාදේශීය සභා රැස්වීමට පැමිණි මනුරංග සමරනායක මහතා ට සභා රැස්වීමේ ඉදිරිපෙළ අසුනක් ද ලබා දී තිබීම විශේෂත්වයකි .

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති පි.ඩි. සරත් ආනන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ පහල ගම්හය ප්‍රාදේශීය සභා උප කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙම රැස්වීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව පැවැත්විණ .

බෙන්තොට පාදේශිය සභා විපක්ෂ නායක වරයා වන එජාප මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය නියෝජනය කරන අතර , නවක එජාප මන්ත්‍රී මනුරංග සමරනායක මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ කටයුතු කරන අයෙකි .

බෙන්තොට ප්‍රාදේශීය සභාව නියෝජනය කළ එජාප මන්ත්‍රී වරයෙකු වූ නීතිඥ කෙ.ඩි.කෙ. ජනක ප්‍රසන්න කාරියවසම් මහතාගෙන් පුරප්පාඩු වූ සභික ධුරය වෙනුවෙන් මනුරංග සමරනායක මහතා බෙන්තොට ප්රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ නිර්දේශයෙන් එජාප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ .

බෙන්තොට ප්රාදේශීය සභා රැස්වීම ආරම්භ කර පැයක පමණ කාලයකින් අනතුරුව සභාපති පි.ඩි. සරත් ආනන්ද මහතා හා ජවිපෙ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරංග ඉන්ද්‍රලාල් නිරෝෂාන් මහතා අතර උණුසුම් වාදයක් ආරම්භ විය .

අනතුරුව ජවිපෙ මන්ත්‍රීවරයා සභා රැස්වීම අවසන් වීමට පෙර සභා ගැබෙන් පිටවී ගියහ .

lankacnews

No comments

Ads Place