Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සියළු ආණ්ඩුකාරවරු, පලාත්-දිස්ත‍්‍රික් ලේකම්වරුන් ඇමති බැසිල් අරලිගහ මැදුරට කැදවයි..

  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 20 දින සියලුම ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දිස්...

 


මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 20 දින සියලුම ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

එන්නත්කරණයේ ප්‍රගතිය අති සාර්ථක බවත් එයට ප්‍රධානම සාධකය වන්නේ රාජ්‍ය, ආණ්ඩුව මෙන්ම සෞඛ්‍ය අංශ හා ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ එකම ඒකකයක් ලෙස කටයුතු කිරීම බවත් මුදල් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේ ය.

එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයේ සුවිශේෂි කාර්‍යභාරයක් ඉටුකරන ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහය රාජ්‍ය සේවයේ කාර්‍යක්ෂමතාවය වැඩිකිරීමට තවදුරටත් යොදවන ලෙසටත් මුදල් ඇමතිවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි.

lankacnews

No comments

Ads Place