Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

2021 වර්ෂයේ 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වනදාම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වනවා. එමෙන්ම 2021 වර්ෂයේ අ.පො.ස. ...


2021 වර්ෂයේ 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වනදාම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වනවා.


එමෙන්ම 2021 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 4 වන දින සිට ඔක්තෝබර් මස 31 වන දා දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.


මේ වසරේ ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණේ ද මෙම දිනයන් වලදී වනවා.


කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ දී ඊයේ අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරීස් පැවසුවේ මේ වසරේ උසස් පෙළ විභාගය කල්දැමීම හෝ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

nethnews

No comments

Ads Place