Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පුරාවස්තු සොයා කැණීම් කළ පස් දෙනෙකු හිඟුරක්ගොඩදී අත්අඩංගුවට

  පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණිම් කළ පුද්ගලයින් පස් දෙනෙකු හිඟුරක්ගොඩ, කිබුලාවල ප්‍රදේශයේදී හිඟුරක්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබ...

 


පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණිම් කළ පුද්ගලයින් පස් දෙනෙකු හිඟුරක්ගොඩ, කිබුලාවල ප්‍රදේශයේදී හිඟුරක්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ, ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27,34,36,43 සහ 46 යන වයස්වල පසුවන හිඟුරක්ගොඩ, පොළොන්නරුව සහ අනුරාධපුරය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.


කැණීම් උපකරණ, පූජා භාණ්ඩ සමඟ යතුරුපැදි 02 ක් සහ මෝටර් රථයක්ද පොලීසිය විසින් එහිදී සිය භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියිමිතයි.

nethnews

No comments

Ads Place