Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ වරාය නගරයේ දූෂිත ක්‍රියාවන්… මුදල් විශුද්ධිකරණයත්.. – ඇමරිකාව කියයි..

  තම රජය විසින් ඇමරිකානු සමාගම්වලට කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීම වළක්වනු නොලබන නමුත් දූෂිත ක්‍රියාවන් සහ මුදල් විශුද්ධිකරණය සඳහා වන අඩුපාඩු ස...


 තම රජය විසින් ඇමරිකානු සමාගම්වලට කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීම වළක්වනු නොලබන නමුත් දූෂිත ක්‍රියාවන් සහ මුදල් විශුද්ධිකරණය සඳහා වන අඩුපාඩු සහිත නීති හේතුවෙන් වරාය නගර කලාපය පාලනය කරන නීති පද්ධතිය පිළිබඳ සැලකිලිමත්වන බව කොළඹ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් ප්‍රකාශ කරයි.

ජනමාධ්‍යවේදීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදී තානාපතිනිය වැඩිදුරටත් පවසා ඇත්තේ වරාය නගරයට අදාළ නීති රාමුව පිළිබඳ තමා මීට පෙර කනස්සල්ල පළ කළ බවත් මුදල් විශුද්ධිකරණය සඳහා විවෘත අවස්ථා ඇති බැවින් එම කනස්සල්ල දිගටම පවතිනු ඇති බවත්ය.

රටේ විදේශ දූෂිත ක්‍රියා පනත යටතේ එක්සත් ජනපද සමාගම් අන්තර්ජාතික සම්මතයන්ට අනුකූලව තම ශේෂ පත්‍ර පිරිසුදුව තබා ගැනීමට අවශ්‍ය බවත් එක්සත් ජනපද පුරවැසියන්ට අල්ලස් දීම තහනම් කර ඇති බවත් එහිදී පෙන්වාදී ඇත.

“අපි එක්සත් ජනපද සමාගම් ආයෝජනය කිරීමෙන් වළක්වන්නේ නැහැ. එහෙත්, අපි නීතිමය පරිසරය පිළිබඳව කනස්සල්ල පළ කර ඇත්තෙමු ” යැයි පවසන තානාපතිනිය තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ වරාය නගර නීති තවමත් අසම්පූර්ණ බැවින්, එය යටතේ නව රෙගුලාසි පැනවීම තවමත් අවසන් වී නොමැති බවත්, මේ සම්බන්ධයෙන් වැඩි විස්තර බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

lankacnews

No comments

Ads Place