Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අන්තර්ජාලයෙන් සිසුවියන් සූම් කරන්න ගිය අනංගයා දැලේ!

“සූම්” තාක්ෂණය ඔස්සේ පැකේජ ලබාදෙන බව කියමින් මාතර ප්‍රදේශයේ විදුහලක ශිෂ්‍යාවන් පිරිසක් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයට ලක් කළැයි කියන දුරකථන අලෙවි...


“සූම්” තාක්ෂණය ඔස්සේ පැකේජ ලබාදෙන බව කියමින් මාතර ප්‍රදේශයේ විදුහලක ශිෂ්‍යාවන් පිරිසක් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයට ලක් කළැයි කියන දුරකථන අලෙවි නියෝජිතවරයකු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකාර දුරකථන අලෙවි නියෝජිතයා මෙරට ප්‍රධාන පෙළේ ජංගම දුරකථන සේවයක රාජකාරි කරන අයකු බව පොලිසිය කියයි.


මාතර පිටබැද්දර ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයකු විසින් තම විද්‍යාලයේ ශිෂ්‍යාවන් කිහිපදෙනකු අපයෝජනයට ලක්කර ඇති බව කියමින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඉකුත් දිනක පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.


මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සැකකාර අලෙවි නියෝජිතයා අත්අඩංගුවට ගෙන තිබේ.


‘සූම්” තාක්ෂණය සඳහා පැකේජ ලබාදෙන බව පවසමින් අදාළ නියෝජිතයා එම විද්‍යාලයේ සිසුවියන් හා සම්බන්ධ වෙමින් ඔවුනගේ දුරකථන අංක ලබා ගෙන ඒ 


ඔස්සේ ඔවුන් හා සම්බන්ධ වී තිබේ.


පසුව එම ශිෂ්‍යාවන්ගේ යම් යම් ඡායාරූපද සැකකරු විසින් ලබාගෙන ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ.


අන්තර්ජාලය හරහා පාසල් සිසුවියන් සම්බන්ධ කරගෙන ඔවුන් සමඟ යම් ආකාරයක ලිංගික අතවරයක් සිදුකර ඇති මේ සැකකරු තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි. 


අදාළ ප්‍රධාන පෙළේ ජංගම දුරකථන සමාගමේ සේවයට මොහු පැමිණ ඇත්තේ මීට වසර දෙකකට පමණ පෙර බව විමර්ශනවලදී හෙළි වී තිබේ.


සැකකරු තම සේවා ආයතනය උපයෝගි කරගෙන තවත් මෙවන් සිසුවියන් හා තරුණියන් අපයෝජනය කර ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශන පුළුල් කර තිබේ.


මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


මාතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතාගේ අධීක්ෂණය මත වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

noizetv

No comments

Ads Place