ඉදිරි වසර හතරක කාලය ඇතුළත ශ්‍රී ලංකාව තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන රටවල් අතරට එකතු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. ඒ සම...
ඉදිරි වසර හතරක කාලය ඇතුළත ශ්‍රී ලංකාව තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන රටවල් අතරට එකතු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉදිරි සති දෙකක කාලය ඇතුළත නිකුත් කරන බව ද ඔහු පැවසීය.
ඉදිරි වසර දෙක හමාරක කාලයේදී ශ්‍රී ලංකාව තුළම ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් තරම් තෙල් පිරිපහදු කල හැකි පිරිපහදුවක් ඉදි කිරීම මගින් ඩොලර් මිලියන 350 ක පමණ මුදලක් රට තුල ඉතිරි කරගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කලේය.
අද පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස ඔහු මේ බව කියා සිටියේය.
නව තෙල් පිරිපහදුව ඉදිකිරීමේ ටෙන්ඩර පිළිබඳව ඇමෙරිකානු පුරවැසියන් ගෙන් බලපෑම එල්ල වී ඇතැයි කල විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ තමන් අමාත්‍ය ධුරයට පත් කළේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් බවත් තමනට ඉදිරියෙන් සිටින්නේ ඔවුන් දෙදෙනා පමණක් බවත්ය. ඔවුන් කිසි දෙනෙක තමන්ට බලපෑම් කර නැති බවද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.
lankacnews
No comments