Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වසංගතය මැද වුවත් අපි පාර්ලිමේන්තු වැඩ හරියටම කරනවා…

  ආණ්ඩුවේ ශක්තිමත්භාවය සැමට තහවුරු කිරීමට විශ්වාසභංගයක් ගෙනත් අවස්ථාව ලබා දීම ගැන විපක්‍ෂයට ස්තුතිවන්ත වෙනවා’ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධ...

 


ආණ්ඩුවේ ශක්තිමත්භාවය සැමට තහවුරු කිරීමට විශ්වාසභංගයක් ගෙනත් අවස්ථාව ලබා දීම ගැන විපක්‍ෂයට ස්තුතිවන්ත වෙනවා’ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති සාකච්චාවකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙසේද පැවසීය.

විපක්ෂයේ මේ වෙලාවේ විශ්වාසභංගයක් ඉදිරිපත් කළේ ඔවුන්ට වෙන වැඩක් කරන්න නැති නිසා. මෙම විශ්වාසභංගය ගෙන ඒම තුළින් අපේ ආණ්ඩුව කොච්චර ශක්තිමත්ද කියන එක සැමට තහවුරු කිරීමට අවස්ථාවක් ලබා දුන්නට විපක්ෂයට අපි ස්තුතිවන්ත වෙනවා. මෙයින් ලෝකයටම පණිවිඩයක් යනවා මෙම ආණ්ඩුව අස්ථාවර ආණ්ඩුවක් නොවන බවට හා ඉතාම ශක්තිමත් ලෙස ආණ්ඩුව ඉදිරියට යන බවට. මෙම විශ්වාසභංගය තුළින් විශ්වාසභංග උනේ විපක්ෂයේ. විශ්වාසය තහවුරු වුනේ ආණ්ඩුවේයි.

වසංගත තත්ත්වය හමුවේ වුවත් පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය අපි රැකගෙන යනවා. වෙනත් සමහර රටවල් පාර්ලිමේන්තුව පවා රැස්කරගන්න නොහැකි අවස්ථාවක පවතින්නේ. නමුත් වසංගත තත්වය යටතේ උනත් අපි පාර්ලිමේන්තු කටයුතු නිසියාකාරව කරගෙන යනවා. අද විපක්ෂයට වුණත් මේ වගේ විශ්වාසභංගයක් උනත් ගේන්න පුළුවන් උනේ පාර්ලිමේන්තුවේ කටයුතු අපි කරගෙන යන නිසායි. ඒ වගේම ජනතාව වෙනුවෙන් අවශ්‍ය අණපනත් උනත් සම්මත කර ගන්නවා. අපි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා.

අපේ අතර බෙදීම් තියෙනවා කියලා විපක්ෂය කිව්වා. එහෙම කිසිම බෙදීමක් නැහැ. මේ ආණ්ඩුව පක්ෂ රැසක එකතුවක්. ඕනෑම අයකුට විවේචනය කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය. හැබැයි විවේචනය කළත් අපි ඔක්කොම එකට එකතුවෙනවා අවශ්‍ය මොහොතේදී. අපේ ආණ්ඩුව ඇතුළේ විවේචන තිබුනත් කවුරුත් කියන්නේ නැහැ ගිහින් සජිත්ට අනුර ඡන්දෙ දෙන්න කියලා. අපේ හැමෝම මේ ආණ්ඩුව ශක්තිමත්ව රැකගෙන ඉදිරියට අරගෙන යනවා.

ඇත්තටම බෙදීමක් තියෙන්නේ විපක්ෂයේ. රනිල් වික්‍රමසිංහ කියනවා බලශක්ති ඇමතිට නෙවෙයි විශ්වාසභංගය ගේන්න ඕනේ ආණ්ඩුවටයි කියලා, ජ.වි.පෙ එක කියනවා මේ විශ්වාසභංගය තුළින් ආණ්ඩුව ශක්තිමත් වෙනවා මේ විශ්වාසභංගය ගේන එකේ තේරුමක් නෑ කියලා, සමගි ජන බලවේගය කියනවා බලශක්ති ඇමතිට ගේන්න ඕනේ කියලා, විපක්ෂයට අද එක මතයක හිටගන්න බැරිවෙලා තියනවා. ඉතින් බෙදීම තියෙන්නෙ විපක්ෂයේ. අපි තනි මතයක ඉදන් ශක්තිමත්ව ඉදිරියට යනවා. ඉතින් අවසානයට කියන්න තියෙන්නේ විපක්ෂයට වෙන වැඩක් නැති නිසා තමයි මේ විශ්වාසභංගය ගෙනාවේ කියලා.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

lankacnews

No comments

Ads Place