Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උතුරු පළාතෙන් බිහිවෙන පළමු ගුවන් නියමුවරිය!

  උතුරු පළාතෙන් බිහි වී ශ්‍රී ලංකාවේ සේවය කරණ පළමු දෙමළ ජාතික ගුවන් නියමුවරියවීමේ භාග්‍යය මන්නාරමේ තරුණියකට හිමි වී තිබෙනවා. මෙම අවස්ථාව හිම...

 


උතුරු පළාතෙන් බිහි වී ශ්‍රී ලංකාවේ සේවය කරණ පළමු දෙමළ ජාතික ගුවන් නියමුවරියවීමේ භාග්‍යය මන්නාරමේ තරුණියකට හිමි වී තිබෙනවා.


මෙම අවස්ථාව හිමිව ඇත්තේ එමානුවෙල් එවැන්ජලීන් නැමති තරුණියටයි.


මන්නාරමේ ඉතාම දුෂ්කර ගම්මානයක් වන මාන්තෙයි බටහිර වට්ටකන්ඩල් කාතන්කුලම් ගම්මානයේ ජීවත් වන එමානුවෙල් එවැන්ජලීන් මන්නාරම ශාන්ත සේවියර් බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා තිබෙනවා.


පසුව ඇය කොළඹ ආසියානු ගුවන් සේවා මධ්‍යස්ථානයට බැදී ගුවන් නියමු පුහුණු පාඨමාලාව හදාරමින් සිය ගුවන් නියමුවරියක වීමේ සිහිනයට ලඟා වී තිබෙනවා.


ඇයගේ මව්පියන් වන ෆ්‍රැන්සිස් එමානුවෙල් හා එස්. සිලම්මා යන දෙපළ පවසන්නේ කුඩා කාලයේ සිටම සිය දියණිය ගුවන් නියමුවරියක් වීමේ සිහිනය පසුපස ගිය බවයි.


උතුරේ දෙමළ තරුණියන් මීට පෙර ගුවන් නියමුවරියන් වශයෙන් පුහුණුව ලබා සේවය කරණ නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුත් ශ්‍රී ලංකාවේදී පුහුණුව ලැබීමක් හෝ ශ්‍රී ලංකාවට සේවය කිරීමක් නොකරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

noizetv

No comments

Ads Place