Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආර්ථිකය වෙනුවෙන් අමිහිරි තීරණ ගන්න බැසිල් සැරසෙයි!

 බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පිවිසීම හා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම වෙනුවෙන් අද (08) ප්‍රදේශ රැසක සැමරුම් උත්සව සංවිධාන කර තිබුණි. ශ...


 බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පිවිසීම හා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම වෙනුවෙන් අද (08) ප්‍රදේශ රැසක සැමරුම් උත්සව සංවිධාන කර තිබුණි.


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස පත් වූ බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වු මන්ත්‍රි ධූරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා නම් කිරීමත් සමඟ මැතිවරණ කොමිෂන් සභාව එය ඊයේ (07) ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කළේය.


ඒ අනූව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.


අමාත්‍යංශ විෂය පථ සංශෝධනය වීමත් සමග මීට පෙර මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දිමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබීය.


අනතුරුව නව අමාත්‍ය ධූරයේ වැඩ ආරම්භ කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයට පැමිණියේය.


එම අවස්ථාවේ දී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙලෙස පැවසීය.


“මේක ලොකු අමාරු කාර්යයක්. අපි අභියෝගය භාරගනිමු. අපි සියලුදෙනාම එකට වැඩකරමු කියන ඉල්ලීම කරමින්, අපේ අමාත්‍යාංශයේත් අපේ රජයේත් ඒ වගේම මගෙත් ප්‍රමුඛතාවය වෙන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන්. ඔවුන්ගේ ප්‍රමුඛතාවය අපේ ප්‍රමුඛතාවයයි. ඒ ප්‍රමුඛතාවයන් සියල්ල අපි දන්නවා. අපිට අවබෝධයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒක ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ රජයේ සියලුදෙනාට තියෙනවා. නමුත් සමහර වෙලාවට පියෙක් ට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි. ඒ වුණත් අපි ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියලා අපි හිතනවා. ඒකට සහයෝගය දෙන්න.“


මේ අතර මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ අවස්ථාවේදි ඔහු යටතේ තිබු විෂයන් රැසක් බැසිල් රාජපක්ෂ මහතා යටත පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.


ඊට අනුව ආයතන 27 ක් එලෙස ගැසට් කර තිබේ.

noizetv


ඒ අතරට මහා භාණ්ඩාගාරය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව,දේශිය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම ඇතුළු ආයතන රැසක් ඇතුළත්ය.


එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා යටතේ අරමුදල් 17ක් ද ගැසට් කර ඇති අතර ඊට ජාතික රක්ෂණ භාර අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල, වකුගඩු අරමුදල, බුද්ධ ශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල ද ඊට ඇතුළත්ය.


2007 වසරේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි බැසිල් රාජපක්ෂ මහතා 2010 වසරේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වැද වාර්තාගත ජයග්‍රහනයක් ලබා මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.


තිස්වසරක කුරිරු ත්‍රස්තවාදයෙන් මාතෘභූමිය මුදා ගැනීම සඳහා දියත් වුණු මානුෂීය මෙහෙයුම අවසානයේ උතුරු නැගෙනහිර සංවර්ධනයේ භාරදූර වගකීම පැවරෙන්නේද බැසිල් රාජපක්ෂ මහතාටය.


ඒ අනුව ”උතුරු වසන්තය ” සහ ”නැගෙනහිර නවෝදය ” වැනි වැඩසටහන් හරහා තිස් වසරකට පසු සංවර්ධනයේ අරුණලු එම පළාත්වලට උදාකර දීමට බැසිල් රාජපක්ෂ මහතා කැපවී ක්‍රියාකළේය.


ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් 2013 වසරේ  දිවිනැගුම බිහිකිරීමට බැසිල් රාජපක්ෂ මහතා පියවර ගත් අතර ඒ තුළින් සහනාධාර වෙනුවට ස්ව ශක්තියෙන් නැගී සිටීමට මෙරට දුගී ජනතාව වෙනුවෙන් කළ මෙහෙයද සුවිශේෂය.


ඊට අමතරව එවක දිවයිනේ ගම්මාන 14,000ක සංවර්ධනයද ඔහුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාවට නැංවිය.


දිවිනැගුම සහ මඟනැගුම ව්‍යාපෘති තුළින් ග්‍රාමීය සංවර්ධනය වඩා සීඝ්‍රයෙන් ඉදිරියට ගිය අතර රට පුරා මාර්ග කාපට් අතුරා සංවර්ධනයට පියවර ගැනුණි.


2015දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට සිය පාලන බලය අහිමි වීමත් සමඟ රටේ පාලන බලය නැවතත් ඒකාබද්ධ විපක්ෂයට අත්කරදීමේ වගකීම බාරගත් බැසිල් රාජපක්ෂ මහතා විසින් එහි පළමු පියවර වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරනු ලබයි.


පක්ෂය පිහිටුවා මාස 14ක් වැනි කෙටි කාලයක් තුළ 2018 පැවති පළාත් පාලන මැතිවරණයෙන් ආයතන 80%කට වැඩි ප්‍රමාණයක බලය හිමිකර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරට ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට සමත් වුණේ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහයෙවීම යටතේය.


එතැන් සිට සියලු පාර්ශව ඒකරාශී කරගනිමින් පුළුල් දේශපාලන බලවේගයෙන් ලෙස ඉදිරියට පැමිණ 2019 ජනාධිපතිවරණයෙන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ට ජයග්‍රහනයක් ලැබීය.


ඉන් නොනැවතී ඉකුත් වසරේ අගෝස්තු මාසයේ පැවති මහාමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගනිමින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා පැමිණියේ ද බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම් අනුවය.


ඒ නිසාවෙන්ම බලය ලබාගැනීම සඳහා ක්‍රියාත්මක වූ ”ඡන්ද මැෂිම ”ලෙස ඔහුව සිය පාක්ෂිකයින් පිළිගත්තේය.


මෑතකාලීනව රට මුහුණ දී සිටින කොවිඩ් වසංගත තත්ත්වය මධ්‍යයේ රජයේ වැඩපිළිවෙළට සහාය වෙමින් කොවිඩ් මර්දන කමිටු සාමාජිකයෙකු ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළේය.


එමෙන්ම ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ හා දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රි ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටී.


ඉන් නොනැවතී බැසිල් රාජපක්ෂ මහතා අද මෙරට ආර්ථිකය බාරගන්නේ ආර්ථික වර්ධනය ඍණ 3.6කට කඩා වැටී ඇති අභියෝගාත්මක මොහොතකය.

No comments

Ads Place