Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගංජා නීතිගත කරන්න කටයුතු කරමින්.. ඩොලර් බිලියන ගණනක අපනයන ආදායමක ඉලක්කයක්…

  කංසා වගා කිරීම සහ අපනයනය කිරීම නීතිගත කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමග...

 


කංසා වගා කිරීම සහ අපනයනය කිරීම නීතිගත කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඇය පෙන්වා දී ඇත්තේ දැනටමත් ඒ සඳහා ලංකාවේ ඉහළම ආයුර්වේද වෛද්‍යවරු සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

මෙම කර්මාන්තයෙන් ඩොලර් බිලියන ගණනක් රටට ගෙන හැකි බවත් එමඟින් ජාත්‍යන්තර ණය පියවීමට හැකිවනු ඇති බවද ඇය පෙන්වා දෙයි.

ගංජා මත් ද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කිරීම නිසා අපට වැරදුන බවද පවසන ඇය මෙය විශාල කර්මාන්තයක් ලෙස ආනයනය ඉලක්ක කරමින් සිදු කළ යුතු බවද කියා සිටියි.

අද ලොව පුරා රටවල් 50 ක අධික ප්‍රමාණයක් ගංජා වගාවේ නිරත වන බවත් ආයුර්වේද ප්‍රතිකාර සඳහා ද ගංජා අත්‍යවශ්‍ය ඖෂධයක් බවත් ඇය පෙන්වා දෙයි.

මෙම වැඩපිළිවෙළක් සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවූ පසු එහි ප්‍රතිලාභ ලැබීමට පටන් ගැනීමත් සමඟ එය නිවැරදි තීරණයක් බව ජනතාව තේරුම් ගනු ඇතැයිද ඇය තවදුරටත් කියා සිටියාය.

lankacnews

No comments

Ads Place