Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිල අඩු කරන්න ඕන වෙලාවෙදි අපි අඩු කරනවා.. සැකයක් තියාගන්න එපා..

  ඇතුල්කෝට්ටේ – මිරිහාන – කොහුවල මාර්ගය සහ කොහුවල – නාවල මාර්ගයේ 9 වන පටුමග හා පාසල් මාවත සම්බන්ධ කරමින් රාජගිරිය නාවල ඇළ මතින් ඉදිකරන නව පා...

 


ඇතුල්කෝට්ටේ – මිරිහාන – කොහුවල මාර්ගය සහ කොහුවල – නාවල මාර්ගයේ 9 වන පටුමග හා පාසල් මාවත සම්බන්ධ කරමින් රාජගිරිය නාවල ඇළ මතින් ඉදිකරන නව පාලමේ ඉදිකිරිම් වල වත්මන් තත්ත්වය සොයා බැලීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිරීක්ෂණ චාරිකාවක නිරිත විය.

මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මඟින් මෙම නව පාලම ඉදි කරනු ලබයි.

දිගින් මීටර් 700ක් වන මෙම නව පාලම ඉදිකිරීමේ ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 1.7කි. මාස 9 කින් වැඩ නිම කිරීමට අපේක්ෂිතය. ප්‍රදේශයේ වගුරු බිමට හානි නොවන ලෙස කණු මත මෙම නව පාලම ඉදිකිරීමට සැලසුම් කර ඇත.

මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා…

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා යම් පිරිසක් දැඩි විරෝධය පලකරනවා. විශේෂයෙන් තලංගම වැව ආශ්‍රිත පරිසරය විනාශ වීමක් සිදුවෙනවා කියලා ? යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා…

මේ පාලම ආරම්භ කරද්දිත් හර්ෂ සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඇවිත් විරෝධය ප්‍රකාශ කළා. ඔහු බැලුවේ ජනතාව එකතු කරලා ඉවරවෙලා ඒ වැඩවලට අගෞරවයක් ගෙන එන්න. ඒ වැඩ පමා කිරීම සහ නතර කිරීම තමයි ඔවුන්ගේ එකම මූලික පරමාර්ථය. කොහොම උනත් අපි ස්වභාධර්මය ආරක්ෂා කරමින් වැඩ කටයුතු ආරම්භ කරන්නේ. විශේෂයෙන් අතුරුගිරිය කණු මතින් ඉදිවෙන අධිවේගී මාර්ගයේ මිලියන 3000ක් වෙන් කරලා තියෙනවා පරිසරය ආරක්ෂා කරමින් මේ ප්‍රදේශය දියුණු කරන්න. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තරම් පරිසරය ආරක්ෂා කරන දැවැන්ත නායකයෙක් ලංකා ඉතිහාසයේ බිහි වුණේ නැහැ. ඒ නිසා එතුමා ලක්ෂ තිස් දාහක් වෙන් කෙරුවා ඒ පරිසර කලාපය ආරක්ෂා කරමින් දියුණු කරන්න. රටට ජනතාවට දෙයක් කරන්න හදද්දි සමහර අය ජිවත් වෙන්න මේවගෙ දේවල් කරනවා. ඔවුන්ට ජීවත් වීම සහ ඔවුන්ගේ පක්ෂය බලයට ගෙන ඒම තමයි ඔවුන්ගේ පරමාර්ථය. අපි පරිසරයට හානිවන කිසි දෙයක් කරන්නේ නැහැ. ඒක අපි පැහැදිලිවම කියනවා. අපි දන්නවා ඒ පළාතේ සමහර දියුණු වුණ අය නිසා මෙවැනි දේවල් සිදුවෙනව කියලා. ඔවුන් තමයි මේ සිදුවීම් පසුපස ඉන්නේ.

අතුරුගිරිය දක්වා අධිවේගී මාර්ග හදන්න ඕනේ. ඒ වගේම පරිසරයක් ආරක්ෂා වෙන්න ඕනේ. පරිසරයට හානියක් කරනවා කියලා පෙන්නන්න හදන්නේ මේ වැඩපිළිවෙළ නතර කරන්න. ඒ නිසා උද්ඝෝෂණය කිරිම් විවිධ මත අපි දකිනවා. අධිවේගී මාර්ගයේ ගහක් ගැන කතා කරා එක ගහයි තියෙන්නෙ කියලා. ඒත් එවැනි ගස් ගණනාවක් තිබුණා. එවැනි දේවල් කරේ මේ වැඩපිළිවෙලවල් නතර කරන්න. මේ රජය පරිසරයට හානි වන කිසිම තීරණයක් ගන්නෙ නැහැ. පරිසරය ආරක්ෂා කරමින් තමයි සියලු වැඩ කරන්නේ.

ඔබතුමන්ලාගේ පක්ෂයේ අර්බුදයක් ගැන කතා වෙනවා? යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා…
මේ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සිදුවෙන දේවල්. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ එක්සත් ජාතික පක්ෂය වගේ තනි පක්ෂයක් බලයට ආවේ නැහැ. 1993 පස්සේ විවිධ පක්ෂ එකතු වෙලා තමයි ආණ්ඩුව හදලා තියෙන්නේ. ප්‍රබල එක්සත් ජාතික පක්ෂයටවත් හදාගන්න බැරි වුණා. ඒ නිසා මේ පොඩි පොඩි පක්ෂවල ඉන්න අයගේ විවිධ මත තියෙනවා. පොහොට්ටු පක්ෂය ගත්තහම ඒ පක්ෂයෙත් තියෙනවා. විමල් වීරවංශ මහත්තයාගේ වාසුදේව මහත්තයාගේ පක්ෂයට අදාළ ප්‍රතිපත්ති තියෙනවා. ඒවා එකිනෙකට වෙනස්. අපි ඔවුන්ගේ කතා කිරීමේ නිදහස නැති කරලා නැහැ. ඔවුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ ප්‍රකාශ කළා කියලා හිටපු රට විනාශ කරපු මිනිස්සුන්ව මැරෙන්න ඉඩ ඇරපු මහ බැංකුව මංකොල්ල කාපු අයව බලයට ගේන්න කිසිම සූදානමක් නැහැ. අපේ අය විවිධ ප්‍රකාශ පළ කරහම විපක්ෂයේ අය කලබල වෙනවා. ඒක තාවකාලික දෙයක් පමණයි.

ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ වෙනසක් සිදුවෙන්න තියෙනවද ? යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා…
කැබිනට් මණ්ඩලය ජනාධිපතිතුමාට ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන්. ජනාධිපතිතුමා තමයි මාවත් පත් කලේ. ජනාධිපතිතුමාට ඕන වෙලාවක පත් කරන්නත් ඉවත් කරන්නත් පුළුවන්. අමාත්‍යංශ වෙනස් කරන්න පුළුවන්.

ගොඩක් අමාත්‍යාංශ හා විෂය පථයන් රාජපක්ෂ වරුන්ට දුන්නද ? යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා…

2015 ට කලින් එහෙම කිව්වා. රාජපක්ෂවරුන් වටා මිනිස්සු එකතු වුණා. 2015 ට කලින් රාජපක්ෂ වරුන්ට පහර දුන්නා. පවුලට තමයි පහර දුන්නේ. ඔවුන් ඉලක්ක කරගත්තේ පවුල. ලංකාවෙ විතරක් නෙවෙයි ජාත්‍යන්තරවත් ඉලක්ක කරගත්තා. රාජපක්ෂවරු හොරකම් කරනවා කියනවා. රාජපක්ෂවරුන්ට පහර දීලා ගෙනාවේ කවුද? ජාත්‍යන්තරයයි NGO කට්ටියයි එකතුවෙලා ගෙනාව අය මාස තුනෙන් මහ බැංකුව හොරකම් කෙරුවා. කොහොම නමුත් රාජපක්ෂවරු මේ රටට වැඩ කරලා තියෙනවා. රාජපක්ෂවරුන්ම හිරේට දාන්න නියම කරා. සමහර අය හිරේ දැම්මා. නමුත් රටේ ජනතාව මොකක්ද කළේ. රටේ ජනතාව තීන්දුවක් ගත්තා තුනෙන් දෙකකට ආසන්න බලයක් සහ හැට නම ලක්ෂයක් ඡන්දය පාවිච්චි කරලා පහලොස් ලක්ෂයකින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනවලා ලෝකේ ඉන්න දක්ෂතම අපේක්ෂකයා බවට පත් කලා මේ රටේ ජනතාව.

වැඩ බැරි වෙච්ච කට්ටිය පරණ තැටියම ගහනවා. ඔවුන් කරපු දෙයක් තියෙනවද. ඔවුන් කරපු සංවර්ධනයක් තියෙනවා නම් පෙන්නන්න. රාජපක්ෂවරුන්ට මේ රටේ ජනතාව ආදරෙයි. ඒවට අපි කවුරුවත් ඊර්ෂ්‍යා කරලා වැඩක් නැහැ. රාජපක්ෂවරුන් බලයට පත් කරලා තියෙන්නේ ඡන්දයෙන්. සියලු රාජපක්ෂ මහත්තයා විතරයි ජාතික ලැයිස්තුවෙන් ආවේ. තමයි රටේ ජනතාවගේ කැමැත්ත. ඒ පවුල බලයට ආවේ ජනතාවගේ කැමැත්ත නිසා. ශෂීන්ද්‍ර මහත්තයා මොණරාගලින් දින්නා. නාමල් මහත්තයාත් ඒ වගේම දින්නා. මහින්ද රාජපක්ෂ මහත්තයා දින්නෙත් ඒ දිස්ත්‍රික්කයේ පළමු තැනට ඇවිල්ලා. ඒ පවුල දිනලා තියෙන්නේ වැඩ කරන නිසා. මේ පවුල රට ආරක්ෂා කරනවා වගේම මේ රටට ආදරෙයි. රට ආරක්ෂා කරන්න අකමැති මිනිස්සු තමයි මේ පවුලට පහර දෙන්නේ. මේක අපිට අලුත් දෙයක් නෙවෙයි. මේ අය ඡන්දයක් නැති නිසා දඟලනවා. දෙයක් තිබ්බා නම් මොවුන් දඟලන්නේ නැහැ. මහ මැතිවරණයට කලින් දැඟළුවා වගේ දැන් ආයිත් දඟලනවා.

රාජපක්ෂ මහත්තයා ආපු ගමන් ඉන්ධන මිල අඩු කරනවා සහන දෙනවා කිව්වා ? යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා…

බැසිල් මහත්තයා කිව්වෙත් නැහැ. ඒක මම කිව්වෙත් නැහැ. නමුත් පක්ෂවල අය කියනවා. විමල් වීරවංශ මහත්තයාගේ පක්ෂයේ අය එකක් කියනවා, දයාසිරි මහත්තයාගේ පක්ෂයේ අය තව එකක් කියනවා. පොඩි පොඩි තරැණ මන්ත්‍රීවරුන්ට ඒ අයිතිය තියනවා. ඒ ඒ අයගෙ මතය. සහන දෙන්න ඕන වෙලාවේ සහන දෙනවා. තෙල් මිල අඩු කරන්න ඕන වෙලාවෙදි අපි තෙල් මිල බස්සවනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. ඉන්ස්ටන් නූඩ්ලස් වගේ රටක් පාලනය කරන්න බැහැ කියන එක කවුරුත් තේරුම් ගන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දක්ෂ නායකයෙක්. මේ රට හරියට මෙහෙයවන ජනතා නායකයෙක්. එතුමා බොහොම විනයක් ඇතිව මේ රට මෙහෙයවනවා. පරිණත නායක නායක පස්වෙනි විධායක ජනාධිපතිතුමා වගේම මුදල් ඇමතිතුමා මේ රට හරියට මෙහෙයවනවා. ඒ ගැන අපි කළබල විය යුතු නැහැ.

මේ රටේ විරෝධතා රැල්ලක් නිර්මාණය වෙනවා. ඔබතුමා මේ ගැන මොනවද කියන්නේ.? යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා…

විරෝධතා රැලි තිබිය යුතුයි. ඒක විපක්ෂයේ කාර්යභාරය. විපක්ෂය විරෝධතා ගෙනා යුතුයි. නමුත් කොවිඩ් වෙලාවෙදි නෙවෙයි. මේ කරන්නේ වැරදි දෙයක්. මේ අය රට වහන්න කිව්වා. රට වහන්න තේරෙන්නේ නැහැ කිව්වා. රට විවෘත කරනකොට බොරු මරණ සංඛ්‍යාවක් කියවලා නැවත රට වහන්න වැඩ කළා. ලෝකයේ ප්‍රබල රටවල් විවෘත කරලා නැවත වසා දැම්මා. අපේ රටේ මිනිස්සු මැරෙයි කියලා බය කරන විපක්ෂය අද මිනිස්සුන්ව අරන් පාරට බැහිනවා. ඔවුන්ට තියෙන්නේ මිනිස්සු මරාගන්න සංස්කෘතියක්. අපි විරෝධතා කරමු. නමුත් මේ කොරෝනා වසංගතයෙන් මුලින් ගොඩඑන්න උත්සාහ කරමු. ඉන් පස්සෙ අපි බෙදිලා දේශපාලනය කරමු. එදාට ඔවුන්ට වගේම අපිටත් මිනිස්සු ගේන්න පුළුවන්. අපි බලමු කව්ද වැඩිපුර ශක්තිමත් කියලා. ඔවුන් පන්දාහක් ගෙනාවොත් අපි පනස්දාහක් ගෙනත් පෙන්නනවා. හිතන්න එපා අපිට ජනබලයක් නැහැ කියලා. බැසිල් මහත්තයා දිවුරුම් දෙද්දි ග්‍රාමීය මට්ටමේ මිනිස්සු පාරට බැස්සා. ඒකට පෞද්ගලිකව මම කැමති වුණේ නැහැ. ඒක තමයි මිනිස්සුන්ගේ හඩ. නමුත් එයාල මතක තියාගන්න ඕන විරෝධතා කරලා මේ රටේ මිනිස්සු මැරෙන්න ගත්තොත් ප්‍රේමදාසලා දිසානායකයා වගකිව යුතුයි කියලා. විපක්ෂයෙන් මම ඉල්ලන්නේ වගකිව යුතු අය ලෙස කටයුතු කරන්න කියලා.

ගුරුවරුන් මේ කරන උද්ඝෝෂණය වැරදි වැඩක් ද? යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා…

මේ වැඩේ කරන්නේ ගුරුවරු නෙවෙයි. ගුරුවරුන්ට අපි දොස් කියන්නේ නැහැ. මේ ඉන්නේ හය තුනට බැස්ස සීමා සහිත පිරිසක්. මේ ගුරුවරුන්ට ගරු කරනවා නමුත් මේ සීමා සහිත පිරිස ගුරුවරුන්ටත් අගෞරව කරනවා. අනුර දිසානායකලා, ප්‍රේමදාසලා වගකිව යුතුයි. මේ වගේ වැඩ කරන්න එපා. ඉවසලා ඉන්න. මිනිස්සු බලය දෙන්නෙ නැහැ පිස්සු නටපු අයට. මේ රට විනාශ කරපු අය තවදුරටත් මේ රට විනාශ කරන්න හදන්නේ. මිනිස්සු මරාගෙන මේ රට අගාධයට පත් කරන්න තමයි මොවුන්ට අවශ්‍ය.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ, අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

lankacnews

No comments

Ads Place