Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙන්ඩිස්, දික්වැල්ල, දනුෂ්කට වසරක ක්‍රිකට් තහනමක්..?

  කොරෝනා ජීව බුබුලේ කොන්දේසි කඩ කිරීමේ හේතුවෙන් ශ්‍රී ලංකාවට නැවත කැඳවන ලද කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන්ට ...

 


කොරෝනා ජීව බුබුලේ කොන්දේසි කඩ කිරීමේ හේතුවෙන් ශ්‍රී ලංකාවට නැවත කැඳවන ලද කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන්ට වසර කාලයක් සඳහා ක්‍රිකට් තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සලකා බලමින් ඇති බවට වාර්තා පළ වෙයි.

එංගලන්තයේ පැවැත්වෙන තරගාවලිය සදහා සහභාගී වීමට ගොස් සිටියදී ජීව බුබුල මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් එංගලන්තයේ වීදියක විනය විරෝධී ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවීම මත මෙරටට කැඳවනු ලැබ තිබේ.

මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇත.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ ඔවුන්ගේ නිරෝධායන කාල සීමා අවසානයේ සිදුවීම සම්බන්ධ විමර්ශන කටයුතු ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන බවයි.

ඒ පිළිබඳව තවත් මේ වනතෙක් කිසිදු විමර්ශනයක් සිදු කර නොමැති බවද ඔහු පැවසීය.

අදාල ක්‍රීඩකයන්ට ද ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමටත් සාධාරණ අවස්ථාවක් දිය යුතු බවද පවසන අමාත්‍යවරයා ඉන් අනතුරුව ක්‍රීඩක ආයතනය විසින් ඔවුන්ගේ තීරණය ප්‍රකාශය කරනු ඇතැයිද කියා සිටියේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් espncricinfo වෙබ් අඩවියද ප‍්‍රමුඛ පුවතක් සේ වාර්තා කරන ලදී

lankacnews

No comments

Ads Place