Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩෙල්ටා ප‍්‍රබේදය ගැන පරීක්ෂණ තොරතුරු ප‍්‍රසිද්ද නොකරන්නැයි ජ’පුර සරසවියට දැනුම් දීමක්..

  ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලට අදාළ තවත් වාර්තාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මි...


 ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලට අදාළ තවත් වාර්තාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ ජෛව විද්‍යා අධ්‍යයන අංශය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට අද(3) පෙරවරුවේ බාර දෙනු ලැබීය .

මෙම පරීක්ෂණ වාර්තාව මගින් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ දිවයින පුරා කොරෝනා රෝගීන්ගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල142ක් සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලට අදාළ තොරතුරුය.

කෙසේ වෙතත් එම පරීක්ෂණ වාර්තාව මගින් අනාවරණය කෙරුණු තොරතුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා අද දහවල් වනතුරුද කිසිදු ප්‍රකාශයක් සිදුකර නොතිබිණ .

මේ අතර ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට අදාළ තොරතුරු ප්‍රසිද්ධ නොකරන්නැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීන් එම පරීක්ෂණ කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරීක්ෂණ කණ්ඩායම්වලට දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

lankacnews

No comments

Ads Place