Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට එන්නත්කරණයේ වාර්තා ගත දිනයක්

  මෙරට එන්නත්කරණයේ වාර්තා ගත දිනයක් ඊයේ සටහන් වුණා. ඒ, පුද්ගලයින් එක්ලක්ෂ 69,957 දෙනෙකුට එන්නත් ලබාදෙමින්. එහිදී එන්නත් ලෙසඑ ක් ලක්ෂ 65 දෙනෙ...

 


මෙරට එන්නත්කරණයේ වාර්තා ගත දිනයක් ඊයේ සටහන් වුණා.


ඒ, පුද්ගලයින් එක්ලක්ෂ 69,957 දෙනෙකුට එන්නත් ලබාදෙමින්.


එහිදී එන්නත් ලෙසඑ ක් ලක්ෂ 65 දෙනෙකුට ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාවයි. ඒ අනුව එක් දිනක් තුළ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලක්ෂය ඉක්මවූ පිරිසකට ලබාදුන් පළමු අවස්ථාව මෙය වනවා.


මෙලෙස සාර්ථක ලෙස ඊයේ දිනයේ එන්නත් වැඩසටහන සිදුවූයේ රටපුරා හෙද හෙදියන් ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටි පසුබිමකයි.


ඊයේ දිනයේ එන්නත් ලබාදීමට වෛද්‍යවරුන් මෙන්ම හමුදා සාමාජිකයින් ද සිය දායකත්වය ලබාදී තිබුණා. යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මෙරට ගෙනැවිත් තිබු එන්නත් බොහෝමයක් ජනතාවට ලබා දී ඇති බවයි.


සයිනොෆාම් එන්නතේ තවත් මාත්‍රා මිලියනයක් අද මෙරටට රැගෙන ආ අතර තවත් මාත්‍රා මිලියනයක් ලබන ඉරිදා මෙරටට ලැබීමට නියමිතයි. ෆයසිර් එන්නතේ පළමු මාත්‍රා තොගය ලබන සඳුදා මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

 

එමෙන්ම උසස් අධ්‍යාපනය සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වීමට නියමිත සිසුන් වෙනුවෙන් සයිනොෆාම් එන්නත ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවා.


ඒ සඳහා www.army.lk/covid19 වෙබ් අඩවිය වෙත පිවිස ලියාපදිංචි විය යුතුයි.

nethnews

No comments

Ads Place