Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපති කියන දේ අමාත්‍යාංශ ලේකම් පිළි නොගන්නා තරමට සර් ෆේල් වෙලා…

  ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියන දේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පිළි නොගන්නා තරමටම සර් ෆේල් වී ඇති බවත්, විද්‍යාපීඨවලට උපාධි පිර...

 


ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියන දේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පිළි නොගන්නා තරමටම සර් ෆේල් වී ඇති බවත්, විද්‍යාපීඨවලට උපාධි පිරිනැමීමේ අයිතිය දෙනබවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව පැත්තකට දමා ජාතික අධ්‍යාපන ආයතනයට උපාධි පිරිනැමීමේ අයිතිය ලබාදීමට ලේකම්වරයා කටයුතු කරමින් සිටින බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සටන් කළ ගුරු වෘත්තීය සමිති නායකයින් වහාම නිදහස් කළ යුතු බවද විපක්ෂ නායක කාර්යාලයේදී අද උදෑසන පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී මන්ත‍්‍රීවරයා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

ජනතාවගේ ප‍්‍රශ්ණ ගැන කතා කරන වෘත්තිය සමිතිි ක‍්‍රියාකාරීකයින් අත්අඩංගුවට අරගෙන, ඇප ලැබුණට පස්සේ ඔවුන් අනීතිකව නිරෝධායනයට යොමු කරනවා. මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ අනාගතය ගැන කතා කරපු අය තමයි මේ විදියට මර්දනය කරන්නේ.

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවනේ කැපවෙන අය සම්න්ධයෙන් පොලීසිය ගත් ක‍්‍රියාමාර්ග අපි හෙළා දකිනවා. ඉදිරියේදී මේවාට එරෙහිව ගත හැකි හැම නීතිමය ක‍්‍රියාමාර්ගයක්ම ගන්නවා. මානව හිමිකම් නඩු පවරනවා. එතකොට උසාවි යන්න වෙන්නේ පොලිස් නිලධාරින්ට තමයි.

දරුවන්ගේ අධ්‍යාපනය විකිණීමට එරෙහිව, නිදහස් අධ්‍යාපනය මිලටරීකරණය කිරීමට විරුද්ධව උද්ඝෝෂණ කරපු අයට බුද්ධියක් නෑ කියලා ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිතුමා කියනවා. මේක කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ පුටු උස්සලා ගහපු බුද්ධිමතෙක්. පාර්ලිමේන්තුව ඇතුලේ යුද්ධ ප‍්‍රකාශ කරපු බුද්ධිමතෙක් තමයි මේ කතාව කියන්නේ.

ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වෙලා තියෙනවා. දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය රැුකීමට පාරට බැහැපු ගුරු වෘත්තීය සමිති නායකයින් මර්දය කිරීමට එරෙහිව තමයි ඔවුන් මේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ. දරුවන්ට මේ වෙලාවේ විශාල පාඩුවක් වෙලා තියෙන්නේ. පාසල් ආරම්භ නොකිරීම නිසා දරුවන්ගේ අධ්‍යාපනය අවුරුදු ගානකින් පස්සට ගිහින්. එසේ තිබියදී ඔන්ලයින් ක‍්‍රමයට හරි යම් අධ්‍යාපනය ලබාදෙන විට, ආණ්ඩුවේ අත්තනෝමතික ක‍්‍රියාමාර්ග නිසා ඔන්ලයින් අධ්‍යාපනයත් නැති වෙලා තියෙනවා. මෙයින් දරුවන්ට වන අධ්‍යාපනික හානියට ආණ්ඩුව වග කිව යුතුයි.

දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරලා ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ නූගත් පරපුරක් නිර්මාණය කිරීමද? දරුවන්ගේ අධ්‍යාපනය නතර කරලා පැණි පෙන්නලා, නාගයෝ පෙන්නලා රැවටිය හැකි වහල්, නූගත් පරපුරක් බිහි කිරීමටද ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ.

අනීතික නිරෝධායනයට යොමු කරලා තියෙන වෘත්තීය සමිිති නායකයින් වහාම නිදහස් කළ යුතුයි. උද්ඝෝෂණ නවත්තලා ආණ්ඩුවට තමන්ගේ පරිහානිය නතර කරගන්න බෑ.

දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතනවා නම් ආණ්ඩුව කරපු අනීතික තකතීරු තීරණය නැවත හරවාගත යුුතුයි. නිරෝධායනයට යොමු කළ පිරිස් නැවත එවිය යුතුයි. නීති විරෝධීව ගුරු වෘත්තීය සමිිති නායකයින් අත්අඩංගුවට අරගෙන අනීතික නිරෝධායට යොමු කිරීමට එරෙහිව අපි මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙනවා.

පුලුවන්නම් අපිත් අත්අඩංගුවට ගන්න කියලා අපි ගිහින් උද්ඝෝෂණය කළා. මේ ජනතාව බය කරලා විරෝධතා මර්දනය කරන්න තමයි ආණ්ඩුව උත්සාහ ගන්නේ. ජනතාව බිය ගැන්වීම වැලැක්වීමට විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත‍්‍රීවරු සිවිල් සංවිධාන එකතුවෙලා උද්ඝෝෂණයක් කළා. වෘත්තීය සමිිති නායකයින්, ගොවීන් පාරට බහින එක වලක්වාගැනීමට බිල්ලෙක් මවන්න තමයි හදන්නේ.

අපි සමගි ජන බලවේගය විදියට අපි රට පුරාම උද්ඝෝෂණ කරනවා. පුලුවන් නම් අපි අත්අඩංගුවට අරගන්න. එදාට අපි නීතියත් එක්ක හැපෙන්න සූදානම්.

විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත‍්‍රීවරු අත්අඩංගුවට ගත්තොත් ජිනීවාවලට, ජී.එස්.පී. ප්ලස් වලට උත්තර දෙන්න වෙන නිසා තමයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ. එහෙම නැතිනම් අපි කුදලාගෙන ගිහින්. හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීතුමා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළා.

කවුරු පාරට බැස්සත් අපි අත්අඩංගුවට ගන්නවා කියලා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව වහසිබස් දෙඩුවානේ. තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නවා කියලා පොලීසිය භාර ඇමැතිතුමා කිව්වා. අපි දිගටම විරෝධතා කරනවා. පුලුවන්නම් අත්අඩංගුවට ගන්න. අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටින එක නවත්තන්නේ නෑ.

උද්ඝෝෂණ කරන්න බෑ කියලා කිව්වට බැසිලාගමනය වෙනකොට කිරිබත්කන්න කට්ටිය එකතු කරනවා. ආණ්ඩුවට ජනතාවගේ විරෝධතාවලට මුහුණදීමට නොහැකි නිසා තමයි ඒවා මර්දනය කිරීමට උත්සාහ ගන්නේ

ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වන විට එක ගුරුවරයෙක්ගෙන් මේ අධ්‍යාපනයක ලබාදිය හැකි බව දිලුම් අමුණුගම ඇමැතිවරයා පවසනවා. අමුණුගම මගේ මිත‍්‍රයාට කියන්න තියෙන්නේ අමන කතා කියන්න එපා කියලයි. දරුවන්ගේ අධ්‍යාපනය සම්නබ්ධයෙන් අමන කතා කියන්න එපා.

එක ගුරුවරයෙක්ගෙන් මේ අධ්‍යාපනය දෙන්න පුලුවන් නම් ඒකටත් රාජපක්ෂ කෙනෙක් දාගන්න පුලුවන්. කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව රාජපක්ෂවරුන්ගෙන් පුරවගන්න විදියට බැලුවාම එක රාජපක්ෂ කෙනෙක් මේකට ඇති කියලා කියන්නත් බැරි නෑ

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ විද්‍යා පීඨ විශ්ව විද්‍යාල බවට පත් කරනවා කියලා කියනවා. පසුගියදා ජාතිය අමතමිනුත් ඔහු මේ බව පැවසුවා. හෙද උපාධියත් ගුරු උපාධියක් සදහාත් කැබිනට් අනුමැතියත් ලබාගෙන තියෙනවා. ඒත් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ පුද්ගලික අවශ්‍යතාවය අනුව විද්‍යාපීඨවලට උපාධිය ලබාදෙනවා වෙනුවට ජාතික අධ්‍යාපන ආයතනයට උපාධි පිරිනැමීමේ අයිතිය ලබාගැනීමට උත්සාහ කරනවා. මේ පොරොන්දු ඉටු කරන්න. ජනාධිපතිවරයා ජාතිය අමතමින් කී කතා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අහන්නේ නැති තරමට සර් ෆේල් වෙලාද කියලා තමයි අපිට අහන්න වෙන්නේ.

රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට බැදියාවන් අතර ප‍්‍රශ්ණයකුත් තියෙනවා කියලා ආරංචි තියෙනවා. සමහර අවශ්‍යතාවයන් වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමේ උත්සාහයක් තියෙනවා කියලා අපිට තොරතුරු ලැබෙමින් තියෙනවා.

බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා පාර්ලිමේන්තු ආවා කියලා රටට හොදක් වුනේ නෑ. රාජපක්ෂ පවුලට නම් හොදයක් වේවි. ජනාධිපතිවරයා බලයට පත්වුනාට පස්සේ එක රටක් එක නීතියක් තියේවි කිව්වා. බැසිල්ලා, නාමල්ලා නටන්න ගත්තොත් මුලින්ම පාරට බහින්නේ අපි කියලා කිව්වා. පවුල්වාදයට යන්න ගත්තොත් අපි මුලින්ම කෑ ගහන බව හැට නම ලක්ෂයක් කිව්වා. හැබැයි අද වන තුරු හැට නම ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉටු වුනේ නෑ, ඥාති සංග‍්‍රහය හොදටම වුනා.

දැන් අඩුවක් තියෙන්නේ ශිරන්ති නෝනයි, යෝෂිතයි, චිචී පාර්ලිමේන්තුවට එන එක විතරයි. ඒකත් මේ අවුරුදු පහ ඇතුළත සිද්ධවෙයිද කියලා කියන්න බෑ. ගෝඨාභය ෆේල් කියලා රටේ ජනතාව කියනවා. ගෝඨාභය මහත්තයාගේ පැත්තෙන් ගත්තොත් එතුමා ෆේල් නෑ. එතුමා විසි වැනි සංශෝධනය හරහා අධිකරණයට බලපෑම් කරමින් නඩු නිදහස් කරගැනීමේ පසුබිම හදලා දුන්නා. විසි වැනි සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියෙක්්ට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව දුන්නා. තමන්ට ඡන්දයට උදව් කළ මාධ්‍ය ආයතනවලට, හිතවතුන්ට ඔ්න තරම් වරදාන වරප‍්‍රසාද ලබාදුන්නා. එහෙම ගත්තම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පැත්තෙන් පාස්. ඔය රාජපක්ෂ පවුලේ කී දෙනෙක් නම් තනතුරුවලට දාගෙන තියනෙවාද. ඒත් හැට නම ලක්ෂක් ජනතාවගේ පැත්තෙන් ගත්තම ෆේල්.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දුටුගැමුණු වගේ බලයට ආවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ෆේල් වන විට, මුදල් ඇමැතිවරයා විදියට මහින්ද මහත්තයා ෆේල් වන විට, ආණ්ඩුව ෆේල් වන විට බැසිල් රාජපක්ෂ අරගෙන ආවා. ආණ්ඩුව ෆේල් බව පිළිගන්නා නිසා තමයි ඔහු පාර්ලිමේන්තුවට ආවේ. බැසිල් රාජපක්ෂත් ෆේ්ල් වන විට තවත් අයට අවසන් අවස්ථාව දෙන්න ඔ්න කියලා කියන්න බැරි නෑ

lankacnews

No comments

Ads Place