Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විජයගේ පුතා විමුක්ති බස්නාහිරෙන් පළමු වෙඩිමුරය තියන්න හදයි!

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂය එක වේදිකාවකට ගෙනඒමට සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට ආ කුමාර වෙල්ගම මහතා “අපි ශ්‍රී ලංකා” ලෙස නව පක්ෂයක්...



ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂය එක වේදිකාවකට ගෙනඒමට සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට ආ කුමාර වෙල්ගම මහතා “අපි ශ්‍රී ලංකා” ලෙස නව පක්ෂයක් ආරම්භ කිරීමට මේවන විට පිඹුරුපත් සකසමින් සිටින බව පැවසේ. මෙහිදී ඔහුගේ යෝජනාව වී ඇත්තේ බස්නාහිර එකට තරඟකරමු යන්නයි.


එක යන්නෙන් අදහස් කිහිපයක් අරමුණු කර ඇති අතර එක යන්න පළමු ස්ථානය ලබා ගැනීම මෙන්ම එක්ව තරග කිරීම යන කාරණාවද ඉලක්ක කර තිබේ.


මෙහිදී මේවන විට බෙදී වෙන්ව සිටින සියලු පක්ෂ එක සන්ධානයකින් බස්නාහිරට තරඟ කර ආණ්ඩුව පරාජයට පත් කිරීම අරමුණ වී තිබේ.


ඒ අනුව කරූ පිල, සජිත් පිල, රනිල් පිල, මෛත්‍රී පිල, චන්ද්‍රිකා පිල, චම්පික පිල, මෙන්ම ටිරාන්, විමල්, ගම්මන්පිල කණ්ඩායම් ද ඒ සඳහා එක්කර ගැනීමට සැලැසුම් කර ඇතැයි පැවසේ.


මේ හැම පිලකම දෙවැනි පෙළක් මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කිරීම දැනට යෝජනා වී තිබේ.


කෙසේ නමුත් වෙල්ගමගේ පක්ෂයට සමගි ජනබලවේගයේ අභ්‍යන්තරයෙන් සැලකිය යුතු විරෝධයක් එල්ල වී නොමැති බවද පැවසේ.


පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් වෙල්ගමගේ මෙම පක්ෂ හැදිල්ල පිළිබඳව දක්වා ඇත්තේ සුබවාදී ප්‍රතිචාරයක් බවද වාර්තා වේ.


මේ අතර, බස්නාහිර පළාත් සභා අපේක්ෂකයකු ලෙස ප්‍රවීන කළකරුවකු හා දේශපාලකයකු වූ විජය කුමාරතුංග මහතාගේ හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා ගෙනඒමටත් යොජනා වී ඇති බව පැවසේ.


මේ සන්ධානය නායකත්ව මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබන සන්ධානයක් ලෙස මුලින් බස්නාහිර ජය ගැනීම අපේක්ෂාව බව පැවසේ.

noizetv

No comments

Ads Place