Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආර්ථිකය හදන්න හොදම කෙනා ඩේසි ආච්චියි.. බැසිල් නොවේ..

  බැසිල්ව ගේන්න ඕන කියන අය නොකියා කියනුයේ ගෝඨාභයත්, මහින්දත් ෆේල් කියන එක යැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන...

 


බැසිල්ව ගේන්න ඕන කියන අය නොකියා කියනුයේ ගෝඨාභයත්, මහින්දත් ෆේල් කියන එක යැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කළුතරදී ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ උතුරු කළුතර පිහිටි ජවිපෙ පක්ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“අද තෙල් මිල වැඩි වීමේ ප්‍රශ්නයත්, පොහොර ප්‍රශ්නයත් යටපත් වී මාධ්‍යවල සිරස්තල බවට පත්වී ඇත්තේ බැසිල් රාජපක්ෂවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අය කියන්නේ බැසිල් අලුත් පක්ෂයක් හදා, පළාත් පාලන ඡන්දයත් දිනා, ආණ්ඩුවක් හැදූ බව හා ඒ වගේම මුදල් ඇමැතිකම අරන් රටත් ආර්ථිකයත් හදන බවයි. පක්ෂ හදන එක, ආණ්ඩු හදන එක, දේශපාලන වැඩක්. ඒත් ආර්ථිකය හදන එක හා රට හදන එක වෙනස් වැඩක්.

ඔය වැඩේට රාජපක්ෂ පවුලෙන්ම කෙනෙක් ඕන නම් හොඳම කෙනා ‘ඩේසි’ ආච්චියි. කෙහෙන්දෝ හම්බ වෙච්ච මැණික් මල්ලකින් මුනුපුරාට වටිනා ඉඩමක් හා නිවෙසක් අරන් දීමේ හැකියාව ඇයට තිබුණා.

ඒ වගේම කොරෝනා වැළැක්වීමට සාර්ථක වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. එන්නත්කරණය රෝගය වළක්වා ගැනීමේ සාර්ථක උත්සාහයක් බව අපද පිළිගන්නවා. එයත් එක් එක් වර්ගයේ එන්නත් රටට ගෙන්වීමේදී අනුගමනය කරන ක්‍රියාවලිය ගැටලු සහගතයි. මේවා සඳහා වැය කරන්නේ මහජන මුදල්.

සිනොවැක්ස් “ලයන් ෆයන්” ප්‍රයිවඩ් ලිමිටඩ් නමැති චීන සමාගම සමඟ ලංකාවේ “වෙනුල් ලයිෆ් ෆයන්” කම්පැනි ප්‍රයිවඩ් ලිමිටඩ් කියන සමාගම ලංකාවට සිනොවැක්ස් එන්නත ලබාදීම සම්බන්ධයෙන් ගිවිසුමක් ගහල තියෙනවා. මේ දෙකම පෞද්ගලික සමාගම් දෙකක්. සමාගම් පෞද්ගලික වුණත් ගනුදෙනුවට රටේ ජනතාව සම්බන්ධයි.

චීන සමාගම ලංකාවේ සමාගමට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ එන්නත ලබාදෙන්නෙ රජයට හෝ රජයට සම්බන්ධ සමාගමකට බවට එක කොන්දේසියක් තියෙනවා. දෙවැනි කාරණය ලංකාවේ සමාගම හරහා එන්නත් මාත්‍රා ලක්ෂ එකසිය තිහක් ලබාගැනීම අනිවාර්ය කර තියෙනවා. මේ කොන්දේසිවලට එකඟ නැති නම් එන්නත් ලබාදෙන්නෙ නැහැ කියනවා. තුන්වැනි කොන්දේසිය මේ එන්නත් මාත්‍රා ලක්ෂ එකසියතිහෙන් පළමු එන්නත් මාත්‍රා ලක්ෂ තිහ සඳහා අත්තිකාරම් ගෙවිය යුතුයි. ඊළඟ ලක්ෂ තිහ සඳහා එල්.සී. ඕපන් කළ යුතුයි. ආණ්ඩුව මේ කොන්දේසිවලට එකඟ වෙලා තියෙනවා. සැප්තැම්බර් මාසය වන විට එන්නත් ලක්ෂ එකසියතිහක් දෙනවා කියලා ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශ කළේ මේ නිසයි.

කෙනොත් පෞද්ගලික සමාගම රජයට සම්බන්ධ සමාගමක් ලෙසත් ලංකා ආණ්ඩුව එන්නත් මිලියන 13ක් මිලදී ගන්නා බවටත් එහි ගෙවීම් චීන සමාගම කියන ආකාරයට එකඟ වෙලා තියෙනවා. මේ එන්නතේ මිල ගණන් ප්‍රසිද්ධ කිරීම හෝ ප්‍රසිද්ධියේ කතා කිරීම තහනම් කර තිබෙනවා. එහෙම කළොත් ගිවිසුම් අවලංගු කර අනෙක් පාර්ශ්වයට නඩු පවරන බවටත් ප්‍රකාශ කර තියෙනවා. නමුත් මේක පෞද්ගලික සමාගම් දෙකක් අතර ඇති වන සාමාන්‍ය වෙළෙඳ ගනුදෙනුවක් නෙවෙයි.

මීට පෙර සිනොෆාම් එන්නත චීනයෙන් මිලදී ගැනීමේදීත් මේ ආකාරයේම ප්‍රශ්නයක් ඇති වුණා. බංග්ලාදේශයට එම එන්නත් ඩොලර් 9-10 අතර මිලකටයි. නමුත් ලංකාවට එය ලබාදී තිබෙන්නේ ඩොලර් 15ක මිලකටයි. එය බංග්ලාදේශයේ අගමැති කාර්යාලයේ ඉහළම නිලධාරීන් තහවුරු කර තිබෙනවා. ආණ්ඩුවක් වශයෙන් ඉතා අමාරු වෙලාවක සිටියදී එන්නතකට ඩොලර් පහ බැගින් එන්නත් ලක්ෂ ගණනකට වැඩිපුර චීනයට ගෙවා තියෙනවා. ඒ නිසා මේ නව එන්නතේ මිල දැන ගැනීමට රටේ ජනතාවට අයිතියක් තියෙනවා. ඒක රජයට වසන් කරන්න බැහැ. මොකද මේක රජය අනුමත කළ සමාගමක් වෙනවා.

චීන සමාගම කියන්නේ චීන රජයට සම්බන්ධ චීන රජය මෙහෙයවන සමාගමක්. වසංගතය කොතරම් දරුණු වුවත් ජනතාවගේ බදු මුදල් සම්බන්ධයෙන් ජනතාවට වගවීම සහ පාරිශුද්ධභාවය අත හැරීමට රජයට අයිතියක් නැහැ. වසංගතය පැතිරෙනවා ඉක්මනින් එන්නත් කළ යුතුයි කියලා ව්‍යවස්ථාවේ තිබෙන ජනතා පරමාධිපත්‍ය සහ පාර්ලිමේන්තුවට පැවැරී තිබෙන රාජ්‍ය මූල්‍ය පාලනය අතහැරීමට රජයට කිසිදු ආකාරයක හැකියාවක් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයත්, රජයත් මේ ගිවිසුම සම්බන්ධයෙන් සහ එන්නතක මිල ප්‍රසිද්ධ නොකිරීමට එකඟ වුණේ ඇයි දැයි රටේ ජනතාවට උත්තර බැඳිය යුතුයි.”

No comments

Ads Place