Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකාව මහා සාගින්නක් ආසන්නයේ.. යුරෝපයේ BlackList වීමේ අවදානමක්..- Bower Group Asia සිය සාමාජිකයන්ට දන්වයි…

  වර්තමානයේ මුහුණ දී තිබෙන විදේශ සංචිත අර්බුදයල ජාත්‍යන්තර ණය ආපසු ගෙවීම් සහ දුර්වල රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ශ්‍රි ලංකාවට රටේ ජනතාව ...

 


වර්තමානයේ මුහුණ දී තිබෙන විදේශ සංචිත අර්බුදයල ජාත්‍යන්තර ණය ආපසු ගෙවීම් සහ දුර්වල රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ශ්‍රි ලංකාවට රටේ ජනතාව සාගින්නෙන් පෙළීම වැළැක්වීමට හෝ ඔවුන්ට නිසි ආර්ථික උත්තේජනයක් ලබා දීමට නොහැකි වනු ඇති බවට රහස්‍ය අනතුරු ඇඟවීමක් ඉන්දු-පැසිෆික් කලාපයේ ප්‍රමුඛ පෙළේ ආයෝජන උපදේශන සමාගමක් සිය ගනුදෙනුකරුවන් වෙත සිදු කර ඇත.

ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කරන ආකාරයට පුරා සෘජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් ක්‍රියා කරන බෝවර් ගෘප් ඒෂියා නම් මෙම සමාගම සිය සේවාදායකයින්ට අනතුරු අඟවා ඇත්තේ ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක අද්දර සිටින බව පවසමිනි.

සිය සේවාදායකයින්ට රහස්‍ය වාර්තාවක් ලබා දෙමින් බෝවර් ගෘප් ඒසියා සමාගම තවදුරටත් සඳහන් කර ඇත්තේ රටේ බාහිර ගිණුම් නරක අතට හැරෙමින් පවතින තත්ත්වයට වහාම විසඳුම් නොදී ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව වත්මන් කෙටිකාලීන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග දිගටම කරගෙන යන්නේ නම්, ශ්‍රී ලංකා රුපියල වර්තමානයේ කළුකඩ වෙළෙඳපොළේ පවතින අගයටත් වඩා වැඩි මට්ටමකින් කඩා වැටීමකට ලක් විය හැකි බවය.

මෙම තත්ත්වය මත එක්සත් ජනපද ඩොලර් හිඟයට තුඩු දී ඇති රටේ බාහිර ගිණුමේ වර්තමාන අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම රටෙහි හදිසි අවශ්‍යතාවක් බවත් පවසන එම සමාගම ශ්‍රි ලංකාවේ පවතින ව්‍යාපාරවලට අනතුරු අඟවන්නේ 2021 වසර අවසන් වන තෙක් දැඩි පීඩාකාරී ව්‍යාපාර පරිසරයක් සඳහා සූදානම් වන ලෙසය.

‘රජයේ ජංගම ගිණුමේ හිඟය ඉහළ නැංවීම, විදේශ විනිමය සංචිත පහත වැටීම සහ ආදායම විශාල ලෙස අඩු කිරීම ශ්‍රී ලංකාවේ රුපියලේ අගය වේගයෙන් පහත වැටීමේ අවදානම වැඩි කරයි. මානව හිමිකම් සහ දේශපාලන ගැටලු හේතුවෙන් ශ්‍රි ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළ ස්ථාවරත්වයටද යම් යම් තර්ජන එල්ල වී ඇත. දිවයිනේ නිමි ඇඟලුම් සඳහා යුරෝපා සංගමයට ඇතුළු වීමට ලබා ඇති සහනශීලී අවස්ථාවන් අහිමි වීමේ අවදානමක් ඇත. මේ තත්ත්වයන් තුළ ශ්‍රි ලංකාව යුරෝපා රටවල් අතර අසාදුගත වීමේ අවදානමක් පවතී. ශ්‍රි ලංකාවේ ආයෝජනය කිරීමේදී ඒ පිළිබදව කල්පනාකාරී විය යුතුය.

නොගැලපෙන ආර්ථිකමය ප්‍රතිපත්ති හේතුවෙන් ආර්ථිකය බිඳෙන සුළු තත්ත්වයට පත්ව ඇති අතර අකාර්යක්ෂම කළමනාකරණය මඟින් ආදායම් අවපාතයට ලක්වී ඇත. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ ගොස් තිබේ. රසායනික පොහොර හදිසියේ තහනම් කිරීම කෘෂිකාර්මික නිෂ්පාදනය අඩු කිරීම, ආනයන වියදම් වැඩි කිරීම, අපනයන ඉපැයීම් අඩු කිරීම සහ ගොවීන්ගේ හා කෘෂිකාර්මික කම්කරුවන්ගේ ආදායම අඩු කරනු ඇත. ආහාර මිල ඉහළ යාමට ඉඩ ඇති අතර ප්‍රමාණවත් ආහාර ආනයනයක් නොමැති නම් ශ්‍රී ලංකාව සාගින්නෙන් පෙළෙනු ඇත.’ යනුවෙන් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මැයි මස අවසානය වන විටල ශ්‍රී ලංකාවේ දළ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 4 දක්වා පහත වැටුණු අතරල ඉදිරි මාස 12 සඳහා බාහිර ණය සේවා සඳහා මුදල් අවශ්‍යතාව පමණක් ඩොලර් බිලියන 7 කට ආසන්න බව පෙන්වා දෙන මෙම වාර්තාව පවසන්නේ පවතින සංචිත රටට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි. ශ්‍රි ලංකාවට නිසි පිළියම් නොයෙදුවහොත් දරුණු ආර්ථික කුනාටුවක් අත ළඟ බව එම සමාගම තම ආයෝජකයන් වෙත අනතුරු අඟවමින් පවසා තිබේ.

lankacnews


No comments

Ads Place