Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු අපහරණය කළ පුද්ගලයෙකුට වසර 90ක සිර දඬුවමක්

වයස අවුරුදු 15 සහ 12 වන වියේ පසුවූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු වරින් වර බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්...


වයස අවුරුදු 15 සහ 12 වන වියේ පසුවූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු වරින් වර බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයෙකුට බරපතල වැඩ සහිත වසර  90 ක සිර දඬුවමක් අද නියම කෙරුණා.


ඒ, අනුරාධපුර අංක 02 මහාධිකරණයේ පූර්වගාමී විනිසුරු සහ මධ්‍යම පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ වත්මන් විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර විසින්. එලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ අදාළ දැරියන් දෙදෙනාගේ මවගේ හතරවන අනියම් සැමියා වූ විත්තිකරුවෙකුටයි.


2005 වසරේ ජූලි මස 30 වනදා සිට 2006 වසරේ ජුනි 30 දක්වා කාලය තුළ අනුරාධපුර ගල්කිරියාගම ප්‍රදේශයේදී දැරියන් දෙදෙනෙකු බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවට අධි චෝදනා 06 ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අනුරාධපුර අංක 02 මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණා.


සැකකරුට එල්ල වූ අධි චෝදනා 06 ටම වරදකරු කරමින් එම එක් චෝදනාවකට වසර 15 බැගින් වසර 90 ක සිර දඬුවමක් ලබාදීමටයි විනිසුරුවරයා නියෝග කර ඇත්තේ. විත්තිකරුගේ අතවරයන්ට ගොදුරු වූ වින්දිත දැරියන් දෙදෙනා ළමා නිවාසයක සිට පාසැල් අධ්‍යාපනයට යොමු කෙරුණු අතර ඉන් වැඩිමහල් දැරිය මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට නීතීඥවරියක් ලෙස සේවය කරන බවද මාහාධිකරණ විනිසුරුවරයා එහිදී සඳහන් කර තිබෙනවා. 

nethnews

No comments

Ads Place