Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊනියා පරිසරවේදීන්ගේ චෝදනා පුස්සක් බව ඔප්පු කරමින් ලංකාගම කාපට් පාර දින 90න් ඉදිවෙයි! [VIDEO]

  පසුගිය කාලයේ දැඩි ලෙස කතාබහට මෙන්ම විවේචනයට ලක්වූ ලංකාගම – නෙළුව මාර්ගය ඉදිකිරීම මේ වනවිට සාර්ථකව අවසන් බව වාර්තා වනවා. ලංකාගම ජනතාවට ගෝඨා...

 


පසුගිය කාලයේ දැඩි ලෙස කතාබහට මෙන්ම විවේචනයට ලක්වූ ලංකාගම – නෙළුව මාර්ගය ඉදිකිරීම මේ වනවිට සාර්ථකව අවසන් බව වාර්තා වනවා. ලංකාගම ජනතාවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි දින 90කින් මෙම ඉදිකිරීම සිදුකර අවසන් කිරීමට හැකිවීම විශේෂත්වයක්  වන අතර මේ හරහා සිංහරාජ වනාන්තරයට හානි වන බවට විවිධ කණ්ඩායම් කල විවේචන පුස්සක් බවට පත් කරමින් ලංකාගම ජනතාවට දශක ගණනාවක් පැවති ගැටලුවකට විසඳුම් ලැබී ඇත.


මේ සම්බන්ධයෙන් ජනාධිපති නිල ෆේස්බුක් පිටුවේ පළකර තිබුනේ මේ අයුරින්… 


සිංහරාජයට මායිම් ව පිහිටා ඇති ලංකාගම, අතිසුන්දර ගම් පියසක් වුවත් එහි ගැමියන්ට ගෙවීමට සිදු වූයේ අතිදුෂ්කර දිවිපෙවෙතකි. ඊට ප්‍රධානතම හේතුව වූයේ ඔවුන්ට නගරයට යාමට පැහැදිලි මාර්ගයක් නො තිබීමයි.

තමන්ගේ බෝග හා අස්වනු අලෙවි කර ගැනීම සඳහා නගරයට යාමේදීත්, දරුවන්ට පාසල් යාමේදීත්, රෝගියෙකු රෝහලකට ගෙන යාමේදීත් තමන්ට මාර්ගයක් නොමැතිකමින් ගැමියන්ට අනේකවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු විය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ග්‍රාමීය මාර්ග සංවර්ධනය යටතේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදාවේ දායකත්වයෙන් ඇරඹුණු කි.මි. 18ක දුරින් යුතු නෙළුව – ලංකාගම – පිටදෙණිය මාර්ගය විවිධ බාධා කිරීම් මධ්‍යයේ වුව ද දින 90ක් වැනි කෙටි කලකින් සාදා නිමකිරීමට ලැබීම අපට මහත් සතුටකි.

ඒ තුළින් ඔවුන්ගේ ජනජීවිතය දියුණු වනු ඇති බව මාගේ විශ්වාසයයි.

VIDEO

noizetv

No comments

Ads Place