Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මත් ජාවරමින් ඉපැයූ කෝටි 600ක් ගිණුම්වල තිබී අත්අඩංගුවට පත්වූ කාන්තාව!

  මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් මුදල් උපයා, බැංකු ගිණුම් 5ක් පවත්වා ගෙන ගිය බව කියන කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත...

 


මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් මුදල් උපයා, බැංකු ගිණුම් 5ක් පවත්වා ගෙන ගිය බව කියන කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 41 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.


පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පසුගිය වසර 4ක කාලය පුරා මෙම ගිණුම්වල රුපියල් කෝටි 600කට ආසන්න මුදලක් සංසරණය වී ඇති බවය.


මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනතේ ප්‍රතිපාදන යටතේ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික විමර්ශන ඒකකය මගින් ලබාදුන් තොරතුරකට අනුව සිදු කළ විමර්ශනවලදී අදාළ කාන්තාව අත්අඩංගවට ගෙන ඇත.


සැකකාරියගේ ගිණුමට මුදල් බැර කළ පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ, ඔවුන් ප්‍රාදේශීය වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් බවය.


සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබයි.

noizetv

No comments

Ads Place