Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ග්‍රාමීය මගී ප්‍රවාහනයට කුඩා ප්‍රමාණයේ බස් 600ක් ගෙන්වයි!

  ග්‍රාමීය මට්ටමේ ප්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් කුඩා ප්‍රමාණයේ බස් රථ 600ක් ආනයනය කරන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමු...

 


ග්‍රාමීය මට්ටමේ ප්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් කුඩා ප්‍රමාණයේ බස් රථ 600ක් ආනයනය කරන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.


නගරාන්තර ගමනාගමනයට නොව ගමක සිට එහි ළඟම ඇති නගරය දක්වා පමණක් මෙම බස්රථ ධාවනයට එක් කරන අතර යෝජිත “ගැමි සැරිය” වැඩසටහනට සමගාමීව මෙම බස් ධාවනයට එක් කරන බව ඒ මහතා මහනුවරදී පැවැසීය.


දිස්ත්‍රික් ප්‍රවාහන කළමනාකරණ කමිටුව පත් කිරීම ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති කමිටු වැඩපිළිවෙළ හඳුන්වාදීමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ආනයනය කිරීමට නියමිත මෙම බස් දැනට ධාවනය වන බස් රථවලට වඩා සුවපහසුව මෙන්ම ඉන්ධන කාර්යක්ෂමතාව හා නඩත්තුව පහසුවීම මෙම බස් රථවල පවතින විශේෂත්වයක් යැයිද ඔහු කීවේය.


මෙවැනි අඩු වියදම් බස් රථ ධාවනයට එක් කිරීම තුළින් ගුණාත්මක මහජන ප්‍රවාහන සේවාවක් සිදුකළ හැකි යැයිද ඒ මහතා කීය.


ඒකාබද්ධ කාලසටහන් සකස් කිරීමේදී මගී ජනතාවට පහසුවන අයුරින් එය ක්‍රියාත්මක විය යුතු යැයි පෙන්නා දුන් අමාත්‍යවරයා අගනුවර සිට කාලසටහන් සකස් කිරීමේ ක්‍රමවේදය වෙනුවට එය දිස්ත්‍රික් ප්‍රවාහන කළමනාකරණ කමිටුව වෙත පවරාදීමට බලාපොරොත්තුවන බවද සඳහන් කළේය.



මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.ඩී.එල්.කේ. ද අල්විස්, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න යන මහත්වරු ජාතික ගමනාගමන කොමිෂන් සභාව, දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, පොලිසිය ඇතුළු රාජ්‍ය  ආයතනවල නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

noizetv

No comments

Ads Place