Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අදත් තැන තැන විරෝධතා - 53 ක් අත්අඩංගුවට

  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, ලංකා ගුරු සංගමය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එක්ව පාර්ලිමේන්තු වටරවුම අසලදී අද පෙරවරුවේ උද්ඝෝෂණයක...

 


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, ලංකා ගුරු සංගමය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එක්ව පාර්ලිමේන්තු වටරවුම අසලදී අද පෙරවරුවේ උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා. ඒ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිවයි. උද්ඝෝෂණය අතරතුර එම ස්ථානයට පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.



එහිදී පොලිස් නිලධාරීන් විසින් ඊට සහභාගී වී සිටි පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවට ගත් පිරිස අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ද වනවා. ඊට අමතරව භික්ෂූන් වහන්සේලා දෙනමක් හා කාන්තාවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සිටින බවයි පොලීසිය පැවසුවේ.


අත්අඩංගුවට ගැනුණු පිරිස නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවයි පොලීසිය පැවසුවේ. එම පිරිස ඇපමත මුදාහරින ලෙසටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද පස්වරුවේ නියෝග කළේ.


මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද අකුරැස්ස නගරයේදී අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ, ඉන්ධන මිල ඉහළ දැමීම හා පොහොර අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින්. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු බවයි පොලීසිය පැවසුවේ.


එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මඟින් හැටන් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද උදෑසන පැවැත් වු උද්ඝෝෂණයක් පොලීසිය විසින් විසුරුවා හැර තිබෙනවා. එම උද්ඝෝෂණය සංවිධානය කළ ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි ඇතුළු තවත් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීම සහ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත කොතලාවල පනතට එරෙහිව එම පක්ෂයේ සාමාජිකයන් විසින් උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි. මේ අතර උද්ඝෝෂණ කිරීමට ජනතාවට ඇති අයිතිය ආණ්ඩුව විසින් මර්දනය කරන බව පවසමින් සමගි ජන බලවේගය ද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ, අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන දොරටුව අසලදීයි. ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

nethnews

No comments

Ads Place