Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් 50% කට ඔක්සිජන් අවශ්‍යයි!

  මේ වන විට හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 50කට පමණ ඔක්සිජන් අවශ්‍යතාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ, මාධ්‍ය කමිටු සාමාජික...

 


මේ වන විට හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 50කට පමණ ඔක්සිජන් අවශ්‍යතාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ, මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසනවා.


ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ඒ අතර වැඩි පිරිසක් ඩෙල්ටා ප්‍රභේදයට සමාන බවක් පෙන්නුම් කෙරෙන බවයි.


“වාර්තාවන රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙන්නේ, ඔක්සිජන් මත යැපෙන රෝගීන්. ඒ නිසා අපි යම්කිසි අයුරකින් ඩෙල්ටා ප්‍රභේදයට සමානකමක් දක්වනවා ද යන්න සැක සහිතයි. මේ වන විට ජාතික රෝහලේ ඇඳන් සංඛ්‍යාව සම්පුර්ණයෙන්ම පිරී ගිහිල්ලා තියෙනවා. රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා යන්න ඉතාමත්ම ආසන්නයි. ඒ වගේම ළමා රෝහලේ සම්පූර්ණ ඇඳන් සංඛ්‍යාවට වඩා රෝගීන් සංඛ්‍යාව වාර්තාවීම ගැටලුකාරී තත්ත්වයක් වෙලා තියෙනවා. දිනකට මියයන රෝගීන් සංඛ්‍යාව 50කට අධිකයි. මාසයකට ආසන්න වශයෙන් රෝගීන් 4,000 – 4,500ත් අතර ප්‍රමාණයක් මියයාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ඒක අවාසනාවන්ත තත්ත්වයක්. මේ රටේ යුද්ධය පැවති සමයකවත් මෙපමණ මිනිසුන් ප්‍රමාණයක් මියගියේ නෑ. මේ නිසා ජනතාව තේරුම් ගන්න ඕනේ මේක ඉතාමත් භයානක තත්ත්වයක්“


මේ අතර මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ පැහැදිලි වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


එහි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කලේ මේ දිනවල බස්නාහිර පළාතේ රෝහල්වලට පැමිණෙන ආසාදිතයින් විශාල පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.


“රෝග ලක්ෂණ සහිතව යන රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. නැවත නැවතත් රෝගීන් වැඩිවෙනවා. ඒ වගේම තමයි ඒ වැඩිවීම අපිට පාලනය කරගත නොහැකි වුවහොත් නැවත නැවතත් සංචරණ සීමා ආදි නීතිවලට යටත් වන්නට අපිට පමණක් නෙවෙයි ලෝකයේ දියුණු රටවලට පවා මේ වන විට මුහුණදීමට සිදුව තිබෙනවා. එය හිතට ගෙන කටයුතු කළ යුතුයි.”


වෛරස ව්‍යාප්තිය ඉහළයාමට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතු වී ඇති බවට නිශ්චිතව කිව නොහැකි බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ‍ඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

noizetv

No comments

Ads Place