Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000 ක් දිවයිනට රැගෙන එයි

  රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 50,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා. එම එන්නත් තොගය රුසියාවේ ගැමී...

 


රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 50,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා.


එම එන්නත් තොගය රුසියාවේ ගැමීලියා නිෂ්පාදනාගාරයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි දක්වා රැගෙනවිත් එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ යානයකින් අද අලුයම 12 යි 35 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.


එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.

nethnews

No comments

Ads Place