Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩෙල්ටා ප්‍රභේදය අමෙරිකාවේ ප්‍රාන්ත 50 හේම පැතිරෙයි

  අමෙරිකාවේ ප්‍රාන්ත 50 න්ම මේවනවිට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. ඒ බව තහවුරු කළේ අමෙරිකවේ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන ඇන්...

 


අමෙරිකාවේ ප්‍රාන්ත 50 න්ම මේවනවිට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. ඒ බව තහවුරු කළේ අමෙරිකවේ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන ඇන්තනී ෆෝචි. ඩෙල්ටා යනු ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ප්‍රභේදයක් වන බැවින් ප්‍රාන්ත බලධාරීන් දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඒ අනුව කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන කඩිනම් කිරීමටයි මේවනවිට අවදානය යොමු කර ඇත්තේ. 


අවුරුදු 12 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ පසුවූවන් කොරෝනා ආසාදිතව රෝහල්ගතවීමේ වැඩි ප්‍රවතාවක් ඉකුත් මැයි මාසයේ සිට දක්නට ලැබෙන බව අමෙරිකානු සෞඛ්‍ය අංශ පවසනවා. එබැවින් අවුරුදු 18 ත් 24 ත් යන වයස් කාණ්ඩවල පසුවන තරුණ ප්‍රජාවට කොරෝනා මර්දන එන්නත ලබාදීම අමෙරිකානු සෞඛ්‍ය අංශවල ප්‍රමුඛ කාර්යයක් වී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. අමෙරිකාව මීට පෙර ප්‍රමුඛත්වය ලබාදී තිබුණේ වැඩිහිටි ප්‍රජාවට කොරෝනා මර්දන එන්නත් ලබාදීමටයි. 

No comments

Ads Place