Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෝවිලේ වාර්ෂික මංගල්ලයකට සහභාගිවු 49 දෙනෙකුට කොවිඩ්

යාපනය, කරවෙඩ්ඩි ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික මංගල්ලය වෙනුවෙන් සහභාගි වු පුද්ගලයින් 49 දෙනෙකු වෙත කොවිඩ් ආසාදනය වි ඇති බව යාපනය මහජන සෞඛ්‍ය පරීක්...


යාපනය, කරවෙඩ්ඩි ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික මංගල්ලය වෙනුවෙන් සහභාගි වු පුද්ගලයින් 49 දෙනෙකු වෙත කොවිඩ් ආසාදනය වි ඇති බව යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනවා.


මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ කෝවිලේ වාර්ෂික මංගල්ලය වෙනුවෙන් සහභාගි වු පුද්ගලයින් 179 දෙනෙකු ගේ සිදුකළ පි.සි.ආර් පරීක්ෂාවන් තුළින් පුද්ගලයින් 49 දෙනෙකු වෙත කොවිඩ් ආසාදිත බවට තහවුරුවි ඇති බවයි.


යාපනය, කරවෙඩිඩි දකුණ ප්‍රදේශයේ පිහියි මුරුගන් කෝවිලක වාර්ෂික මංගල්ලය වෙනුවෙන් සහභාගිවු පිරිසක් වෙත එලෙස වෛරසය ආසාදිත බවට තහවුරු වි ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ.


ආසාදිතයින් ප්‍රතිකාර වෙනුවෙන් යොමුකොට ඇති අතර, කෝවිලේ මංගල්ලය වෙනුවෙන් සහභාගිවූවන් නිරෝධායනයට යොමුකිරීමට පියවර ගනිමින් සිටින බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කර ඇත.

nethnews

No comments

Ads Place