Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවමගුල් ගෙදරකට ගිය 48 දෙනකුට කොරෝනා..

  බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පයාගල හෙරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී 48දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට...


 බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පයාගල හෙරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී 48දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

හෙරගස්කැලේ, මැන්ඩෝරාවත්ත, එරියකන්ද යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් වාර්තා වු බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

අවමංගල්‍ය කටයුතු සිදුවු නිවසේ කාන්තාවකට අවසන් කටයුතු සිදුකළ දිනට පසුදින එනම් ජූලි 11 වන ඉරිදා දින කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

ඒ අනුව අවමඟුල සඳහා සහභාගී වු පිරිස සොයා ජූලි 18 වන දින සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 140කින් මෙම පිරිස ආසාදිත බවට හඳුනාගෙන ඇත.

මේ වන විට නිවාස 28ක් පමණ නිරෝධායනයට ලක්කර ඇති අතර, අවමඟුලට මෙම ගම්මානයට පිටතින් පැමිණි පුද්ගලයින් සොයා මෙහෙයුමක් දියත් කර ඇතැයි ද බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

මෙලෙස හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 19 රාත්‍රියේ රෝහල්ගත කිරීමට යුද හමුදාව හා සෞඛ්‍ය අංශ කටයුතු කර බව සඳහන් කරයි .

lankacnews

No comments

Ads Place