Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාවේ තවත් රෝගයක් – මියුකෝමයිකෝසිස් නිසා 4,300ක් මිය යයි!

  කළු දිලීරය හේතුවෙන් ඉන්දියාවේ 4,300ක් පමණ මියගොස් ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසති. එය වසංගතයක් බවට පත්වෙතැයි ඔවුන් අනතුරු අඟවයි. එරට සෞඛ්‍ය අමා...

 


කළු දිලීරය හේතුවෙන් ඉන්දියාවේ 4,300ක් පමණ මියගොස් ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසති.


එය වසංගතයක් බවට පත්වෙතැයි ඔවුන් අනතුරු අඟවයි.


එරට සෞඛ්‍ය අමාත්‍ය මන්සුක් මන්ධාවියා පැවසුවේ මේ වනවිට ඉන්දියාවේ එම දිලීරය ආසාදිතව රෝගී වූ 45,374 දෙනෙක් වාර්තා වී ඇති බවය.


මියුකෝමයිකෝසිස් නමින් හැඳින්වෙන එම රෝගය දුර්ලභ මෙන්ම භයානක බව වෛද්‍යවරු පවසති.


එම දිලීරය හේතුවෙන් නාසය, ඇස් සහ සමහරවිට මොළයේ ආසාදනයවීම් සිදුවන හඳුනාගෙන ඇත.


කළු දිලීරය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් බහුතරය සුවය ලබමින් සිටින කොවිඩ් ආසාදිතයින් බව වාර්තා වෙයි. 


කොවිඩ් රෝගයෙන් සුවවී දින 10-12කට පසුව මෙම දිලීර ආසාදන තත්ත්වය ඇතිවන බව ට හඳුනාගෙන ඇත.

noizetv

No comments

Ads Place