Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායන රීති කැඩූ තවත් 403 දෙනෙකු අත්අඩංගුවට

  නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 දී පුද්ගලයින් 403 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් 62 දෙදෙනෙ...

 


නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 දී පුද්ගලයින් 403 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ අතරින් 62 දෙදෙනෙකු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


කුලියාපිටිය ප්‍රදේශයේදී 40 දෙනෙකු හා මාතලේ ප්‍රදේශයේදී 35 දෙනෙකු, නිරෝධායන රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.


ඒ අනුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුලදී අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 45935 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසුවේ. 

nethnews

No comments

Ads Place