Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වසර 37 ට පසු සංවර්ධනයවන වල්පොල මහ වැව!

  වසර 37 ට පසු වල්පොල මහ වැව රුපියල් ලක්ෂ 90 ක වියදමින් සංවර්ධනය කිරීමට උතුරුමැද පලාත් සභා හිටපු අමාත්‍ය සුසිල් ගුණරත්න මහතා ඊයේ(30) කටයුතු ...

 


වසර 37 ට පසු වල්පොල මහ වැව රුපියල් ලක්ෂ 90 ක වියදමින් සංවර්ධනය කිරීමට උතුරුමැද පලාත් සභා හිටපු අමාත්‍ය සුසිල් ගුණරත්න මහතා ඊයේ(30) කටයුතු කළේය.


වාරි සෞභාග්‍ය වැඩ සටහන යටතේ උතුරු මැද පළාතේ , අනුරාධපුර දිස්ත්‍රීකයේ වැව් 200 ක් සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇත . ඒ යටතේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් මෙම වැව ද සංවර්ධනය වීමට නියමිතය.


එහි වැඩ ආරම්භ කිරීම චාරිත්‍රාණුකූලව පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ උතුරුමැද පලාත් සභා හිටපු අමාත්‍ය සුසිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


ග්‍රාමීය ජනයාගේ ආර්ථකය ශක්තිමත් කිරීමටනම් ග්‍රාමීය වැව් සංවර්ධනය විය යුතු බවත් එය මැනවින් හදුනාගත් වත්මන් ආණ්ඩුව ග්‍රාමීය ජනයා වෙනුවෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ගමට ගෙන එමින් සිටින බව එහිදී හිටපු අමාත්‍ය සුසිල් ගුණරත්න මහතාගේ ප්‍රකාශ කළේය.


එම අවස්තාව සඳහා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්.සී මලවආරච්චි මහත්මිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරින් රැසක් සහභාගි වූහ.

noizetv

No comments

Ads Place