Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හමුදාවෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 3600ක් හදයි..

  මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් කාබනික පොහොර මෙට්‍රික්ටොන් 3600 ක් ලබා දීමේ ව්‍යාපෘතියක් යාපනය යුදහමුදා ආරක්ෂක සේනා මූලසථානයට අයත් ...

 


මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් කාබනික පොහොර මෙට්‍රික්ටොන් 3600 ක් ලබා දීමේ ව්‍යාපෘතියක් යාපනය යුදහමුදා ආරක්ෂක සේනා මූලසථානයට අයත් ගොවිපළ මගින් ආරම්භ කොට ඇත.

යුදහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ අධික්ෂණය පරිදි කාබනික පොහොර නිශ්පාදනය පිළිබඳව විශේෂඥ පිරිසකගේත් උපදෙස් පරිදි 51, 52 සහ 55 සේනාංකයන්හි යුදහමුදා සෙබලුන්ගේ ශ්‍රම දායකත්වය පරිදි මෙම කාබනික පොහොර නිශ්පාදන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.

මෙම කාබනික පොහො ව්‍යාපෘතිය මගින් යාපනයේ සියලුම ගොවීන්ටද කාබනික පොහොර නිශ්පාදනය විධිමත් අවබෝධයක්ද ලබාදීම මෙහි ප්‍රධාන අරමුණක් වන අතරම ගොවීන්ගේ ගොවිතැන් වෙනුවන්ද කාබනික පොහොර ඉදිරියේදී ලබාදීම තවත් අරමුණක් වී ඇති බැව්ද යුදහමුදා වැඩිදුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place