Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීනයේ ඩොලර් මිලියන 350 හේ ණය වෙනුවෙන් ශ්‍රී ලංකාව සියලු දේ සකසයි

චීනයෙන් ලබා ගැනීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 350 ක වටිනාකමට සමාන චීනයේ යුආන් ණය මුදල ණය මුදල ලබා ගැනීම සඳහා මේවනවිට සියලු කටයුතු සූදානම්...


චීනයෙන් ලබා ගැනීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 350 ක වටිනාකමට සමාන චීනයේ යුආන් ණය මුදල ණය මුදල ලබා ගැනීම සඳහා මේවනවිට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පවසනවා. ඔහු කියා සිටියේ නුදුරු දිනකදීම එම ණය මුදල ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවයි.


ඒ සඳහා දැන් ඇත්තේ ගිවිසුම් අත්සන් කිරීම පමණක් බව ද මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළා. මෙම ණය මුදල වසර 10 කින් චීනයේ යුවාන් මුදලින් ගෙවන පරිදි ලබා ගැනීමට නියමිතයි. මෙලෙස ලබා ගන්නා මුදල් මෙරට සංචිත පවත්වා ගෙන යාම සඳහා යොදවන බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල වැඩිදුරටත් පැවසුවා.  


ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව මෙරට සමස්ථ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 16 ක්. ඉන් සියයට 40 ක්ම විදේශ ණය වනවා. මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මීට පෙර නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ විදේශීය ණය වාරික වලට අදාළව ජූලි 27 වනදා වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 1000 ක් ගෙවිය යුතු බවයි. විදේශ ණය ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් ශ්‍රී ලංකාවට සොයා ගැනීමට හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා. 


කෙසේවෙතත්, රටේ විදේශ විනිමය අර්බුදයක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙසත් යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවසුවා. රටේ ණය බර පිලිබඳ ඇතැම් සංඛ්‍යා ලේඛණ රජය ප්‍රසිද්ධියට පත් කර නොමැති බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

nethnews

No comments

Ads Place