Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරියා රැකියා දෙනවැයි කියා ලක්ෂ 31කට ඇරලා!

  කොරියාවේ රැකියා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 31ක මුදලක් වංචා කළ පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (29) මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩං...

 


කොරියාවේ රැකියා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 31ක මුදලක් වංචා කළ පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (29) මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එම සැකකරුවන් දෙදෙනා විසින් මහනුවර ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුගෙන් කොරියාවට යවන බවට මුදල් ගෙන ඔවුන් එම රටට නොයවා ඔවුන්ට වංචා කර ඇති බවට පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම අත්අඩංගුවට ගැනීම කර තිබේ.


එම සැකකරුවන් දෙදෙනා පදිංචි ස්ථාන ලෙස පේරාදෙණිය, ජාඇළ, මුරුතලාව, මීගමුව ආදි ව්‍යාජ ලිපිනයන් දී ඇති අතර ඔවුන් දෙදෙනා අවුරුදු 55 සහ 26 වයස්වල පසු වන බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 7දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.මේ සම්බන්ධයෙන් මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය වැඩි දුර විමර්ශන කරයි.

noizetv

No comments

Ads Place