පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක යෙදී සිටි පුද්ගලයන් තිස් එක් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර...
පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක යෙදී සිටි පුද්ගලයන් තිස් එක් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගන්නා ලද පිරිස අතර භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ කාන්තාවන් දෙදෙනෙකුද සිටින බවයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතාවය පවත්වා තිබුනේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිවයි.
ලංකා ගුරු සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක්ව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් අකුරැස්ස නගරයේදී පැවැත්වූ උද්ඝෝෂණයක යෙදී සිටි එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු දහතුන් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් විරෝධතා දක්වා ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම පොහොර ගැටලුව ආදී කරුණු කිහිපයක් මුල් කර ගනිමිනි.
එමෙන්ම සමගි ජන බලවේගය ද අද පෙරවරුවේ පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයක නිරත විය.
lankacnews
No comments