Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වයස 30ට වැඩි බස්නාහිර සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත්

  වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී ත...

 


වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජූලි 31ට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී තිබෙනවා.


මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ මෙම වයස් කාණ්ඩයේ 60%කටත්, ගම්පහ 47%කට සහ කළුතර 34%කට පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා.


ඇණවුම් සම්පූර්ණ කර ඇති එන්නත් ලැබීමත් සමඟ විධිමත් සැලැස්මක් යටතේ, සැප්තැම්බර් මසට පෙර දිවයිනේ සියලු ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට එන්නත ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

 

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා  විසින් මෙම උපදෙස් දෙනු ලැබුවා.

nethnews

No comments

Ads Place