Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටේ ඕනෑම තැනක 20%කට කොරෝනා…

  රට තුළ ගමක් හෝ කම්හලක් තෝරාගෙන ඔවුන් සියලු දෙනාටම PCR පරීක්ෂණ කරන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභ...


 රට තුළ ගමක් හෝ කම්හලක් තෝරාගෙන ඔවුන් සියලු දෙනාටම PCR පරීක්ෂණ කරන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ එසේ සිදු කරන ඕනෑම පරීක්ෂණයකින් 15% හෝ 20ක් කොරෝනා ආසාදිතයන් වනු ඇති බවයි.

පරීක්‍ෂණ සිදු කර බැලුවහොත් අද වන විට ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ සිටින 10,000ක පිරිසෙන් 20%ට වඩා කොරෝනා ධනාත්මක වනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

කොරෝනා මර්දනය කරනු වෙනුවට කොරෝනා සමග ජීවත් වන තැනට ජනතාව හුරු කරමින් සිටින බවද ඔහු පැවසීය.

දැනට පරීක්ෂණ සිදු කිරීම ඉතා පහළ දමා ඇති බවත් ලෙඩුන් වාර්තා වන්නේ එම පරීක්ෂණ ප්‍රමාණය කරන ප්‍රමාණය අනුව බවත් ඒ මහතා පෙන්වා දෙයි.

කොරෝනා ආසාදිතයකු වූ වාර්තා වූ විට ඔහුගේ හෝ ඇයගේ පවුලේ පිරිසට පරීක්ෂණ සිදු නොකරන බවත් පැවසූ ඔහු පරීක්ෂණ අඩුකර ලෙඩුන් අඩු යයි සතුටක සිටීම පදනම් විරහිත ක්‍රියාවක් ඔහු සදහන් කරයි.

ආණ්ඩුව අද කොරෝනා සමග ජීවත්වීම අත්හදා බලමින් සිටින බවත් ඒ මහතා පැවසුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

lankacnews

No comments

Ads Place