Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාවට එරෙහිව විස්සයි 20 තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා පිලට ඩොලර් ලක්ෂයක්

ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග  2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම හේතුවෙන් ඔවුන්ට මූල්‍ය ත්‍යාග...


ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග  2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම හේතුවෙන් ඔවුන්ට මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ පැවැති විධායක කමිටු රැස්වීමේදීයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් ලක්ෂයක ත්‍යාග මුදලක් ලබා දීමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.


මේ අතර විනය කඩ කිරීමේ චෝදනාවට ලක්වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට වසරක කාලයක් සඳහා ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබෙනවා. එමෙන්ම මෙම වසරක තරග තහනමෙන් පසුව ඔවුන් යම් කිසි වරදක් සිදුකළහොත් ඉදිරියේදී වසර දෙකක ජාත්‍යන්තර තරග තහනමක් පැනවෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.


මිට අමතරව මෙම ක්‍රීඩකයින්ට මාස 06ක කාලයක් දේශීය තරග සඳහා තරග තහනමක් ද පනවා ඇති අතර එක් ක්‍රීඩකයෙකුට රුපියල් මිලියන 10ක දඩයක් ද පනවා තිබෙනවා. මෙම ක්‍රීඩකයින් තිදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කරනු ලබන වෛද්‍යවරයෙකු යටතේ උපදේශන සේවයකටද ලක්වීමට සිදුවෙනු ඇති.

nethnews

No comments

Ads Place