Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකා පොලිසියට ත්‍රීරෝද රථ 2000ක් ප්‍රදානය කරයි

ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කරමින් අපරාධ හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, බුද්ධි හා සිවිල් රාජකාරි ඔස්සේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යන කා...


ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කරමින් අපරාධ හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, බුද්ධි හා සිවිල් රාජකාරි ඔස්සේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යන කාර්ය සඳහා අවශ්‍යව පැවැති ත්‍රීරෝද රථ 2000ක් ශ්‍රී ලංකා පොලිසියට සංකේතාත්මකව ප්‍රදානය කිරීම ඊයේ (01) අරලියගහ මන්දිරයේ දී පවත් වුණා.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සෑම පොලිස් ස්ථානයකට ම ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් මෙම ත්‍රීරෝද රථ පොලිස් ස්ථාන වෙත බෙදා දීම සිදු කෙරුණා.


මෙහි දී සංකේතාත්මකව මීගොඩ, ගොතටුව, යක්කල, බෙම්මුල්ල, පල්ලෙවෙල, මිහිජය සෙවණ, කුරුඳුවත්ත, එගොඩඋයන සහ මත්තෙගොඩ යන පොලිස් ස්ථාන සඳහා ත්‍රීරෝද රථ ප්‍රදානය කර තිබෙනවා.


මෙම ත්‍රීරෝද රථ අදාළ පොලිස් ස්ථානවල අපරාධ වැළැක්වීම හා විමර්ශනය, විවිධ පැමිණිලි විභාග කිරීම, 119 හදිසි ඇමතුම් සඳහා අවශ්‍යතාව අනුව යෙදවීම, ළමා හා කාන්තා කාර්යංශය හා දූෂණ මර්දන අංශයේ රාජකාරී සඳහා යොදා ගැනීම, බුද්ධි කොට්ඨාශවල ආවේශන රාජකාරි සහ සිවිල් රාජකාරි සඳහා  යෙදවීමට අපේක්ෂිතයි.


ග්‍රාමීය ප්‍රදේශවලට කඩිනමින් ළඟා වීමේ පහසුව මත පොලිසිය සහ මහ ජනතාව අතර සබඳතා ශක්තිමත් කරමින් ප්‍රජා පොලිස් සංකල්පය ප්‍රවර්ධනය කිරීම ද මෙම වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක වනවා.


තීරු බදු රහිතව ගෙන්වා ඇති මෙම ත්‍රීරෝද රථ සඳහා රුපියල් මිලියන 829කට වඩා අධික මුදලක් රජය වැය කර තිබෙනවා.


මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික), ආචාර්ය සරත් වීරසේකර, මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරු වන කාංචන විජේසේකර, අජිත් නිවාඩ් කබ්රාල්, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන ඇතුළු ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරී පිරිසක් සහභාගි වුණා.

nethnews

No comments

Ads Place