Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

15 දැරිය අන්තර්ජාලයෙන් මිලට ගත් හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට…

  කොළඹ ප‍්‍රදේශයේ රාජකාරි කටයුතු කරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගල්කිස්සේදී 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය...


 කොළඹ ප‍්‍රදේශයේ රාජකාරි කටයුතු කරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගල්කිස්සේදී 15 හැවිරිදි දැරියක අන්තර්ජාලය මගින් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීම මිලදී ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෙම විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු තවත් සැකකරුවෙකු අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එමෙන්ම එම දැරිය විවිධ පුද්ගලයන් වෙත රැගෙන ගිය දවස් තවත් අයෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීමට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පිරිසක් 34ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ළමා හා කාන්තා කාර්යාංශය ඇතුළු පොලිස් විමර්ශන කාර්යාංශය එක්ව මෙම සිදුවීමේ පරීක්ෂණ තවදුරටත් සිදු කරමින් සිටියි.

lankacnews

No comments

Ads Place